Uncategorizedවිදෙස්

Share now!

බ්‍රසීල ජනපති  ජෙයර් බොල්සොනාරෝ, නිදන්ගත   ඉක්කා ගැසීමේ රෝගී තත්වයක්  හේතුවෙන් රෝහල්ගත කර ඇත.

දින 10 ක් තිස්සේ පැවතුණු මෙම තත්වයෙන් පසුව රෝහල්ගත කර ඇති බොල්සොනාරෝව සැත්කමකට ලක්කිරීමට නියමිත බව ද ඔහුගේ කාර්යාලය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත .

2018 වසරේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඔහු පිහි ඇනුම් ප්‍රහාරයකට ගොදුරු විය. බඩවැල් කැපී යාම සමග ඔහුගේ සිරුරෙන් 40%ක බරපතළ රුධිර වහනයක් ද මෙහිදී සිදුවූ අතර, එහි අතුරු තත්වයන් වශයෙන් අග්න්‍යාශයේ ආසාදනයක් මතු ව ඇතැයි සැක පළ කෙරේ.

රෝහල්ගත ව සිටින බොල්සොනාරෝගේ ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී ,

කෝවිඩ් වසංගතය මර්දනය කිරීමේදී පළකළ අසාර්ථකභාවය නිසා දැඩි මහජන අප්‍රසාදයකට බොල්සොනාරෝ මේ වන විට මැදිව සිටින අතර . පසුගිය මාසයේදී බ්‍රසීලයේ කෝවිඩ් මරණ ගණන 500,000 ඉක්ම ගියේය .

මෙම මරණ වලට බෝල්ඇසනාරෝ වගකිවයුතු බවට චෝදනා නගමින්ම එරට සිවිල්රි සංවිධාන කිහිපයක්කාම මේ වනවිට නඩු මගටද බැස ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment