BREAKING NEWSදේශපාලන

Share now!

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට  එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී, විපක්ෂයට වාසි දායකවන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී .

එම පක්ෂයේ  ජේ්‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අද  පැවසුවේ ඛණිජ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයා විසින් ගත් තීරණය තනි තීරණයක් නොවන බවය..

එය අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයක් බවත් එහි වගකිීම උදය ගම්මන්පිල අමාත්‍යවරයාට පමණක් භාර දිය නොහැකි බවත්  මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය .

. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාවේදී අමාත්‍ය උදය ගම්මන්පිලට විශ්වාසය පළ කිරීම සඳහා කටයුතු කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී  සඳහන් කළේය ..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment