නවතම පුවත්

“ඩෙල්ටා” හා “ලැම්ඩා” මෙරට තුල සුලභව පැතිරයන්නට පුළුවන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩෙල්ටා   මෙන්ම ලැම්ඩා  කොවිඩ් ප්‍රභේදයද ඉදිරියේදී  මෙරට තුළ සුළභ ලෙස පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

සමස්ත ලෝකය පුරාම මේ වනවිට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන අතර . මේ නිසා ශ්‍රී ලංකාවට පමණක් ඉන් ගැලවිය නොහැකි බවත්,අනුරාධපුර ප්‍රදේශයේදී අද පවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය

මීට අමතරව දකුණු ඇමරිකානු රටවලින් හඳුනා ගත් ලැම්ඩා ප්‍රභේදය මෙන්ම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනා ගත් තවත් වෛරස ප්‍රභේදයක් ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් එම වෛරස ප්‍රභේදද ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවත් ජයසුමන මහතා මෙහිදී පැවසීය . ඒ  පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවද  ඔහු සඳහන් කළේය .

දැනට මෙරට තුළ භාවිතා කරන සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ෆයිසර් එන්නත් සියල්ලම ඩෙල්ටා ප්‍රභේදය සඳහා සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස හඳුනාගෙන තිබෙන බැවින් එන්නත් ලබාගත් පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදය වැළඳුනද රෝග ලක්ෂණ පහළ නොවන බවත් ඇමතිවරයා පෙන්වා දෙ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි