නවතම පුවත්

වාර්තා පිට වාර්තා තැබූ ශ්‍රී ලංකා පොලිසියේ නෙල්කා ඔලිම්පික් බොක්සිං විනිශ්චයට යයි

අසංක

අසංක

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක්‌ ආරම්භ කරමින්‌ පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක්‌ ඔලිම්පික්‌ තරඟාවලියක්‌ විනිශ්චය කිරීම සඳහා සහ තීරක කටයුතු සඳහා සුදුසුකම්‌ ලබා තිබේ.

2020 ඔලිම්පික්‌ තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක්‌ වශයෙන්‌ ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස්‌ පරීක්ෂකවරියක වන ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනියයි.

2021 වසරේ ජපානයේ තෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික්‌ ක්‍රීඩා නරඟාවචලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක්‌ වශයෙන්‌ කටයුතු කිරීම සඳහා තෝරාපත්‌ කරගෙන ඇන.

මෙම නිලධාරිනිය ගාල්ල රිපන්‌ බාලිකා විද්‍යාලයෙන්‌ අධාපනය ලබා 1997 වර්ෂයේ ආධුනික කාන්තා උප පොලිස්‌ පරීක්ෂකවරියක්‌ වශයෙන්‌ පොලිස්‌ සේවයට එක්‌ වී ඇති අනර 2001 වර්ෂයේ පොලිස්‌ ක්‍රීඩා සාමාජය නියෝජනය කරමින්‌ ජාතික තරඟාවලියකට සහභාගී වූ පළමු පොලිස්‌ කාන්නා බොක්සිං ක්‍රීඩිකාව ද වේ.

එමෙන්ම 2001 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින්‌ බොක්සිං තරගාවලි සඳහා සහභාගී වෙමින්‌ ශ්‍රී ලංකා පොලිසිය චෙන විවිධ ජයග්‍රහණයන්‌ අත්කර දී ඇති අතර අඛණ්ඩව වසර 05 ක්‌ දක්ෂතම බොක්සිං පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානයද දිනාගෙන ඇත.

මෙම නිලධාරිනිය 2009 වර්ෂයේ පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවන්‌ සඳහා වු බොක්සිං තරඟ තීරක චශයෙන්‌ 2011 වර්ෂයේ පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරඟ විනිසුරුවරියක්‌ වශයෙන්‌ උසස්වීම්‌ ලබා ඇති අතර 2011 වර්ෂයේ ශ්‍රී ලංකාව නියොජනය කරමින්‌ ජාත්‍යන්තර තරඟාවලියක්‌ විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉනිගාස ගත වී ඇත.

එසේම මෙම නිලධාරිනිය විසින්‌ ඉහත තරගාවලියේදී දැක්වු දක්ෂතා මන 2011 චර්ෂයේදීම ලන්ඩන්‌ නගරයේ පැවති ඔලිම්පික්‌ පූර්ව තේරීම්‌ තරඟාවලියට සහභාගී වීමට වරම්‌ ලබා ඇනි අතර එහි දෙවැනි දිනම අන්නර්ජානික දෙවන පෙල විනිසුරුවරියක්‌ ලෙස උසස්වීම්‌ ලබා ඇත.

ඉන්‌ අනතුරුව 2013 වර්ෂයේ ඉතාලියේ කතනානියා නගරයේ පැවති බොක්සිං තරඟ තීරක විනිසුරු විභාගයන්‌ සමත්ව අන්තර්ජාතික 03 වන පෙළ විනිසුරුවරියක්‌ ලෙස උසස්වීම්‌ ලබා ඇනි අතර බොක්සිං විනිසුරු දිවියේ ලද හැකි ඉහළම නිලය ලබා ඇති දක්ෂ නිලධාරිනියක්‌ වේ.

එසේම මෙම නිලධාරිනිය ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ පළමු 03 වන පෙළ කාන්තා බොක්සිං විනිසුරුවරියක්‌ වීමේ ගෞරවයද හිමිකරගෙන ඇත.

කාන්තා ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය මේ වන විට ලොක ශූරතා පිරිමි බොක්සිං තරගාවලිය, ලෝක ශූරතා කාන්තා බොක්සිං තරඟාවලිය සහ යොවුන්‌ කාන්තා සහ පිරිමි ලෝක ශූරතා බොක්සිං නරගාවලි රැසක්‌ චිනිශ්චය කර ඇනි අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිය විනිශ්චය සඳහා සහභාගී වු ප්‍රථම කාන්තා නියෝජනය වීම ද විශේෂත්වයකි.

මෙම නිලධාරිනිය විසින්‌ යොවුන්‌ පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලි, ඔලිම්පික්‌ තේරිම් තරගාවලි, ආසියානු මහද්වීප බොක්සිං තරගාවලි, අග්නිදිග ආසියානු බොක්සිං තරඟාවලිය හා වෙනත්‌ විවිධ ජාතාන්තර බොක්සිං තරඟාවලි රැසක්‌ විනිශ්චය කරමින්‌ ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට ද ඉමහත්‌ ගෞරවයක්‌ අන්කර දී ඇත.

2017 වර්ෂයේ ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුට හිමි සම්මානය ඇය විසින්‌ හිමිකරගෙන ඇති අතර එය ආසියානු කාන්තාවක්‌ විසින්‌ දක්ෂතම බොක්සිං විනිසුරු සඳහා සම්මානයක්‌ ලබාගත්‌ ප්‍රථම අවස්ථාවද වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි