නවතම පුවත්

මහ භාණ්ඩාගාරයෙන් අමතර සල්ලි ඉල්ලන්න එපා – මුදල් ඇමති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

ගතවූ කාලයේදී රැකියා විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බැවින් අලුතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි පවසා ඇති ඇමතිවරයා සිටින කාර්ය මණ්ඩල යොදාගෙන කටයුතු කරගෙන යන ලෙස සඳහන් කර ඇත.

විදේශ සංචිතවල යම් අඩුවීමක් තිබෙන නමුත් එය කළමනාකරණය කර ගත හැකි මට්ටමක පවතින බව පවසා ඇති ඇමතිවරයා විදේශ සංචිතය ඩොලර් බිලියන 1.2 ට අඩු අවස්ථා පවා තිබුණු බව පවසා ඇත .

මහ බැංකුවේ හා පෞද්ගලික බැංකු වල කිහිප දෙනකු එක් වී ඩොලර් මගඩියක් කරගෙන යන බව කී ඇමති රාජපක්ෂ මහතා කළු කඩේ ඩොලරයක මිල රුපියල් 235 ක් දක්වා ඉහළ ගියේ ඒ නිසා බවද පවසා ඇත . කළු කඩේ ඩොලරයක මිල මේවන විට රුපියල් දෙසිය පහළොවක් පමණ දක්වා අඩු වී ඇතැයි ඔහු එහිදී පවසා ඇත

සහල් මිල රුපියල් 20 කින් පමණ අඩු කිරීමට හැකියාව තිබියදී ව්‍යාපාරිකයන් හතරදෙනකු සහල් වලින් අධික ලාභයක් ලබන බවද ඇමතිවරයා සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්