Featured

Share now!

ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පරාජයට පත්විය.

ඒ පිළිබද අද පාර්ලිමේන්තුවේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පැවැති ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 61ක් ලැබී තිබුණි. විපක්ෂව ලද ඡන්ද සංඛ්‍යාව 152කි.

මෙම විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංශෝධනයක් ගෙනැවිත් තිබු සංශෝධනය අද පෙරවරුවේ ප්‍රතික්ෂේප වී තිබුණි. කථානායකවරයා මැතිසබය‍ේදී අද ඒ බව දැනුම් දුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment