නවතම පුවත්

මෙරට අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එන්නත්කරණයත් සමග රට  සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සමග පවසයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාව ඉදිරියේ තැබූ වැඩපිළිවෙළ, කොවිඩ් වසංගතය බාධාවක් කර නොගෙන ජනාධිපතිතුමා රට තුළ ක්‍රියාත්මක  කර තිබේ. එය ඉවහල් කරගනිමින් ආර්ථිකය නඟාසිටුවීමේ වේගවත් වැඩපිළිවෙළකට තමන්ට දායක විය හැකි බව ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.

ලංකා වාණිජ මණ්ඩලයට අලුතින් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා සමග පැවති හමුවේ දී මේ බව සඳහන් කළහ.

1839 වසරේ දී ආරම්භ කර ඇති ලංකා වාණිජ මණ්ඩලයේ වර්තමාන සාමාජික සමාගම් සංඛ්‍යාව 560කි. දිවයිනේ සියලු පළාත් ආවරණය කෙරෙන පරිදි කලාපීය වාණිජ මණ්ඩල සමූහය ව්‍යාප්ත ව ඇත.

ලොව සෙසු රටවලට සාපේක්ෂව එන්නත්කරණය මගින් රට වේගයෙන් යථා තත්ත්වයට රැගෙන ඒමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළි‍වෙළ නව නිලධාරී මණ්ඩලය පැසසුමට ලක් කළහ. මාර්ග පද්ධතිය ප්‍රමුඛව යටිතලපහසුකම් වේගවත්ව සංවර්ධනයට ලක් කර තිබේ. එහි ප්‍රතිලාභ ඉදිරි කෙටි කාලය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹ, අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව ලංකා වාණිජ මණ්ඩලයේ  නිලධාරීහු පෙන්වා දුන්හ.

පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට රජය ගෙනයන වැඩපිළිවෙළ, වාණිජ මණ්ඩලයේ ජාතික ප්‍රතිපත්ති කමිටුවල විශේෂ සැලකිල්ලට ගෙන ඇති බව ද නිලධාරීන් විසින් සඳහන් කරනු ලැබිණ.

ක්‍රියාත්මක ඇතැම් නීති – රීති හේතුවෙන් ආයෝජකයෝ අධෛර්යමත්ව සිටිති. එවැනි බාධක ඉවත් කිරීමටත් ඩිජිටල්කරණය මගින් අක්‍රමිකතා සහ දූෂණ වළක්වාලමින් අපනයනය දිරිගැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපතිතුමා පැවසීය. රජයේ වගකීම වන්නේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම බවත්, තරුණ පරපුර නව ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ලෙස ඉදිරියට ඒමට අවස්ථාව උදාකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි