නවතම පුවත්

අධ්‍යාපනික හා විනෝදාත්මක අංගවලින් යුත් සංචාරක ව්‍යාපෘතියක් මාතලේ ඉදිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අධ්‍යාපනික හා විනෝදාත්මක අංගවලින් යුත් සංචාරක ව්‍යාපෘතියක් මාතලේ ප්‍රදේශය ආශ්‍රිතව ගොඩනැංවීමට ෆැන්ටසි ලෑන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම සැලසුම් කර ඇත

දේශීය හා විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන අධ්‍යාපනික හා විනෝදාත්මක අංගවලින් යුත් සංචාරක ව්‍යාපෘතියක් ලෙස මෙය  ක්‍රියාත්මක කිරීම සඳහා ෆැන්ටසි ලෑන්ඩ් එන්ටර්ටේන්මන්ට් (‍පුද්ගලික) සමාගම විසින් කටයුතු යොදා ඇති බවද වාර්තාවේ .

එම යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජන මණ්ඩලයේ එකඟතාව පළ වී ඇති අතර, ඒ සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මාතලේ දිස්ත්‍රික්‍කයේ, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රත්වත්ත නමැති ඉඩමෙන් අක්කර 42 රූඩ් 01 පර්චස් 1.5ක ඉඩම් කොටසක් වසර 30 ක කාලයකට බදු පදනම මත ලබා ගැනීමට අදාළ සමාගම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, අදාළ ඉඩම් කොටස එකී සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි