නවතම පුවත්

POLISH RABUKKANA ජිප් රියේ සිද්ධිය ගැන පොලීසිය කියන කතාව

අසංක

අසංක

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල යළිත් සංසරණය වන POLISH RABUKKANA යනුවෙන්‌ සදහන්‌ කර ධාවනය වන නිල්‌ පැහැති ජීප්‌ රථය, දැනට මාස තුනකට පමණ පෙර වූ සිදුවීමක ඡායා රූපයක්‌ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා පොලිසියට නිකුත්‌ කර ඇති ටාටා සුමො වර්ගයේ නිල්‌ පැහැනි ජීප්‌ රථයක දකුණු පස දොරේ POLISH RABUKKANA යනුවෙන්‌ සදහන්‌ කර පොලිස්‌ ජීප්‌ රථයක්‌ ලෙසට මහජනතාවට අවබෝධ වන පරිදි මාර්ගයේ ධාවනය කරමින්‌ සිටින අවස්ථාවක්‌ පෙන්නුම්‌ කරන ඡායාරූපයක්‌ සාමාජ මාධා ජාලාවල මේ දිනවල සංසරණය වේ.

මෙම ජීප්‌ රථය රඹුක්කන පොලිස්‌ ස්ථානයට හෝ ශ්‍රී ලංකා පොලිසියට අයත්‌ ජීප්‌ රථයක්‌ නොවන බව පොලිස් මූලස්ථානය කියයි.

වාරියපොල ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක්‌ පවත්වාගෙන යන පුද්ගලයකු විසින්‌ ඔහුට අයන්‌ ජීප්‌ රථයක්‌ මෙසේ මහජනතාව මුලා කිරීම සඳහා POLISH RABUKKANA යනුවෙන්‌ සදහන්‌ කර ධාවනය කිරීම නිසා එම ජීප්‌ රථය සහ සැකකරු 2021.04.10 චන දින රඹුක්කන පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්‌ විසින්‌ වාරියපොල දී අත්‌අඩංගුවට ගෙන චාරියපොල පොලිස්‌ ස්ථානයට ඉදිරිපත්‌ කර තිබී ඇත.

ඒ අනුව වාරියපොල පොලිස්‌ ස්ථානය මගින්‌ සැකකරු 2021.04.11 වන දින වාරියපොල මහේස්ත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කර රැඳවුම්‌ නියෝග ලබාගෙන විමර්ශන පවත්වා 2021.04.13 වන දින නැවත වාරියපොල ගරු මහේසත්‍රාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමෙන්‌ පසු දැනට ඇප මන මුදා හැර ඇත.

මෙම සැකකරු පිළිබඳ ඉදිරි විමර්ශන වාරියපොල පොලිසිය මගින්‌ සිදු කරගෙන යනු ලබයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?