නවතම පුවත්

මේ අවුරුද්ද අවසාන වනවිට මෙරට කෝටි 1.5කට කොවිඩ් එන්නත

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට තුළ COVID-19 එන්නත මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ගේ සංඛ්‍යාව සොයා බැලීම සඳහා පළාත් වශයෙන් සංගණනයක් පවත්වන බව COVID එන්නත ප්‍රසම්පාදනය කිරීම පිළිබඳ ජනාධිපතිගේ ප්‍රධාන උපදේශක සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග පවසයි.

අළුතින් විවෘත කරන ලද ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (29) පැවැති සමාරම්භක මාධ්‍ය හමුව අමතමින් වීරතුංග මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති COVID-19 මරණවලින් වැඩි ප්‍රමාණයක් එන්නත ලබා නොගත් හෝ එන්නතෙන් එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් අය බවයි.

මේ වසරේ දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකාවේ මිලියන 15 ක ජනතාවකට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සැලසුම් කර ඇතැයි හෙතෙම කීය.

වයස අවුරුදු 12 ත් 30 ත් අතර සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙම එන්නත ලබා දීමට රජය සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

2021 අගෝස්තු 31 වන විට වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් මිලියන 11.5 කට එන්නත ලබා දීමට රජය අපේක්ෂා කරන අතර ඉන් පසුව තවත් මිලියන 04 ක් එන්නත ලබා දීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්