නවතම පුවත්

කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමට ,කොළඹ ආරක්ෂක පර්ෂදයේ එකඟතාව

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ ආරක්ෂක පර්ෂදයේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ පළමු හමුව 2021 අගෝස්තු 4 වන දින ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ජෙනරාල් එල්. එච්. එස්. සී. සිල්වා මහතාගේ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකාව විසින් අතත්‍ය ආකාරයෙන් පවත්වන ලදී. ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක පංකජ් සරන් මහතා සහ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ ජාතික ආරක්ෂක උපදේශක කාර්යාලයේ ලේකම් අයිෂත් නූෂින් වහීඩ් මහත්මිය ද මේ සඳහා සහභාගී වූහ.

බංග්ලාදේශය, මොරිෂස් සහ සීෂෙල්ස් යන රටවල නියෝජිතයෝ නිරීක්ෂකයන් ලෙස සහභාගී වූහ. ඒ අනුව බංග්ලාදේශ හමුදාවේ ප්‍රධාන කාර්ය මණ්ඩල නිලධාරී ලුතිනන් ජෙනරාල් වේකර් උස් සමාන්, මොරිෂස් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිත්‍ය ලේකම් පුස්මාවතී සොහුන් සහ සීෂෙල්ස් මහජන හමුදාවේ ආරක්ෂක බලකා ප්‍රධානී කර්නල් මයිකල් රොසෙට් යන මහත්ම මහත්මීහු මෙම හමුව සඳහා සහභාගී වූහ.

. 2020 නොවැම්බර් මාසයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවති ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ සාකච්ඡාවේදී සමුද්‍රීය සහ ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් ඉන්දියානු සාගරයේ මෙම රටවල් ත්‍රිත්වය අතර සමීප සහයෝගීතාවයක් ගොඩනැගීම සඳහා කොළඹ ආරක්ෂක පර්ෂදය පිහිටුවීමට තීරණය කරන ලදී.

2021 අගෝස්තු 4 වන දින පැවති මෙම නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ හමුව කොළඹ ආරක්ෂක පර්ෂදයේ විස්තෘත ආකෘතිය යටතේ, ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ හමුවේදී ගත් තීරණ පසු විපරම් කිරීමකි.

නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක මට්ටමේ හමුව විසින් කොළඹ ආරක්ෂක පර්ෂදය යටතේ සහයෝගීතාවය සඳහා ප්‍රධාන කුළුණු 4ක් හඳුනා ගන්නා ලදී. ඒවා සමුද්‍රීය සුරක්ෂිතතාවය සහ ආරක්ෂාව, ත්‍රස්තවාදය සහ අන්තවාදය, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සහ සයිබර් ආරක්ෂාව වේ. සහයෝගීතාවය සඳහා මෙන්ම නිරන්තර අන්තර්ක්‍රියා, ඒකාබද්ධ අභ්‍යාස, ධාරිතාවයන් ගොඩනැගීම සහ පුහුණු අවස්ථා ඇතුළු මෙම එක් එක් කුළුණු සඳහා වන නිශ්චිත යෝජනා මෙහිදී සාකච්ඡා කෙරිණ. කලාපය තුළ වර්තමාන ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීමේදී සහයෝගිතාවයෙන් සහ සම්බන්ධීකරණයේ වැදගත් භූමිකාව සහ කලාපීය සහයෝගීතාවයේ ජවය ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා එකිනෙකා අතර ධාරිතාවයන් සහ ශක්‍යතාවයන් ඉහළ නැංවීමේ වැදගත්කම සාකච්ඡාවට සහභාගී වූ සියලු දෙනා විසින් අවධාරණය කරන ලදී.

මෙම හමුවේදී පොදු ආරක්ෂක තර්ජනයන් පිළිබඳ අදහස් බෙදා ගත් අතර එය මිත්‍රශීලී සහ ධනාත්මක අයුරින් මනා ඉදිරි දැක්මක් සහිතව පැවත්විණ.

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී