නවතම පුවත්

කොරෝනා රෝගීන්ට නිවසේදීම ප්‍රතිකාර කිරීම ගැන, දැනගත යුතුම දේ මෙන්න!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරිම අද සිට ආරම්භ කෙරෙන බව මෙරට  සෞඛ්‍ය අංශ මේවනවිට  සඳහන් කර ඇත .

ඒ අනුව ඉදිරියේදී  අවුරුදු 2 ත් 65 ත් අතර සංකූලතා නොමැති රෝග ලක්‍ෂ පෙන්වන හෝ සුළු රෝග ලක්‍ෂණ පෙන්වන කොරෝනා ආසාදිතයින්ට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස් තුළදී ප්‍රතිකාර කෙරෙනු ඇත.

මේ තත්වය මත  නිවෙස් තුළදී  කොවිඩ්  රෝගීන්ට ප්‍රතිකාර කිරීම යනු කුමක්ද යන්න පිළිබඳව ඔබ අප සියලුම දෙනා නිවැරදිව දැනුවත් වීම වැදගත්ය. ඒ පිලිබඳ කරුණු නිසි ලෙස වටහාගැනීම වැදගත්ය .

General Recommendations on Home-Based Care for COVID-19 Patients

නිවෙස් තුල ප්‍රතිකාර ලැබීමට සුදුසු වන්නේ කවුරුන්ද ?

නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුතු බවට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත්තේ සංකූලතා නොපෙන්වන වයස අවුරුදු 2-65 ත් අතර ආසාදිතයන්ය .

යම් පුද්ගලයකුට විවේකීව සිටියදී හෝ සුළු ව්‍යායාමයකින් පසුව හතියක්, හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ නම් ඔවුන් නිවසේ රැඳී නොසිට රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු දැයි තීරණය කරනු ලබන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා (MOH) විසිනි.

මෙහිදී  පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂාවකින් පසු කොවිඩ් ආසාදිත බවට තහවුරු වන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවසේ සිට ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කළ යුතුය.

[dt_highlight color=”” text_color=”” bg_color=””]මෙහිදී ආසාදිත පුද්ගලයා නිසි ලෙස පාලනය නොවූ:දියවැඩියාව ,අධික රුධිර පීඩනය, හෘදයාබාධ ,වකුගඩු රෝග හා පෙණහලු ආශ්‍රිත රෝග ආදී කිසියම් තත්ත්වයකින් පෙලෙයි නම් හෝ ප්‍රතිශක්තිය හීන වන රෝග තත්ත්වයකින් පෙළෙන / ප්‍රතිශක්තිය හීන කරවන ඖෂධයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා අයෙකු නම් හෝ ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි (ස්ථූල) අයෙකු නම් ඔවුන් තුළ ඇතිවිය හැකි සංකූලතා සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන බවට සෞඛ්‍ය පරීක්‍ෂකවරයා විසින්  තීරණය කෙරෙනු ඇත.[/dt_highlight]

ආසාධිතයා නිවෙස් ප්‍රතිකාර සඳහා සුදුසු නම් පමණක්  අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආසාදිතයා නිවසේ සිට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙන අතර දුරකථන මාර්ග ඔස්සේ සිදුකරන ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වෛද්‍ය අධීක්ෂණය යටතට රෝගීයා ලක්කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙහිදී පැය 24 පුරා ක්‍රියාත්මක 1390 දුරක‍්ථන අංකය හරහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කරනු ඇත.

 

ඔබේ නිවස “නිවෙස් ප්‍රතිකාරය” සඳහා සුදුසුද ?

ආසධිතයා  නිවසේ සාමාජිකයන්ගෙන් වෙන්ව තැබීමට  වෙනම කාමරයක් හා වැසිකිළි පහසුකම් නිවසේ තිබිය යුතුය  . අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා උපකාර ලබා ගැනීමට හැකි පරිදි සන්නිවේදන හැකියාව සහ පහසුකම් තිබීම ද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ආසාදිතයා රැකබලා ගැනීමේ කටයුතු සඳහා නිවසේ සිටින සෙසු සාමාජිකයෙකුට හෝ  ආසධිතයාටම ඒ සඳහා  හැකියාවක් තිබේදැයි යන්නද සලකා බැලේ .

 

.”නිවෙස් ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතිය”

නිවසේදී ප්‍රතිකාර ලැබීමට සුදුසු යැයි සැලකෙන, එසේ ලබා ගැනීමට කැමති පුද්ගලයන්ගේ තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් “නිවෙස් ගත ප්‍රතිකාර සැපයීමේ පද්ධතියට” ඇතුළත් කරනු ලැබේ.

නිවෙස් ගත කෝවිඩ් ප්‍රතිකාර සඳහා විශේෂ පුහුණුවක් ලද වෛද්‍ය කණ්ඩායමක් විසින් දිනකට එක්වරක් හෝ වැඩි වාර ගණනක් දුරකතනය හරහා රෝගියාගේ තත්ත්වය පරීක්ෂාකර බලනු ඇත.

එම කටයුතු සිදු කරනු ලබන්නේ විශේෂඥ පවුල් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේය.Coronavirus (COVID-19) - Home Quarantine Treatment, Care & Precautions

අවශ්‍යතාවයක් වූ ඕනෑම විටෙක ප්‍රතිකාර සපයන වෛද්‍ය කණ්ඩායම හෝ 1390 හරහා උපකාර ලබා ගැනීමට හැකිවනු ඇත.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ ආසාදිත පුද්ගලයාගේ රෝග ලක්ෂණ කල් පවතින බවක් දක්නට ලැබේ නම් හෝ තීව්‍ර වේ නම් අදාළ වෛද්‍ය කණ්ඩායම් විශේෂඥ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර රෝගියා රෝහල්ගත කිරීම සඳහා වහාම කටයුතු සූදානම් කෙරේ.

නිවසේදී ප්‍රතිකාර ලබන රෝගියා අවධානය යොමු කල යුතුම දේ මෙන්න,

නිවසේ ප්‍රතිකාර  ලබා රෝගියා තමාට ලබාදෙන  සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. හැකි පමණ විවේක ගැනීම , හොඳින් ජලය හා වෙනත් දියර වර්ග පානය කිරීම මෙන්ම ,සමබර ආහාර වේලක් ලබා ගැනීම මෙහිදී ඉතා වැදගත්ය . එසේම  හොඳින් පාලනය වී පවතින, අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි බෝ නොවන රෝගයක් සඳහා ලබාදී ඇති ඖෂධ නිසි කලට නිසි ලෙස ලබා ගෙන එම රෝග පාලනය තවදුරටත් හොඳ මට්ටමක පවත්වා ගැනීම ද අත්‍යවශ්‍ය වේ.

 

රෝගියාට උපස්ථාන කරන පුද්ගලයින් අවධානය යොමු කල යුතුම දේ මෙන්න ,

රෝගියාගේ  මුඛයෙන් හෝ නාසයෙන් ගලා එන දියර වැනි ස්‍රාවයන් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීමට උපස්ථායකයින් වගබලා ගත යුතුය . එසේම රෝගියා සමග කටයුතු කිරීමේදී අත්වැසුම් භාවිත කිරීමට උත්සාහ කළ යුතුය. අත්වැසුම් දැමීමට පෙර සහ ගැලවීමෙන් පසු සබන් යොදා දෑත් පිරිසිදු කර ගත යුතුය. රෝගියාගේ ආහාර ගන්නා බඳුන්, කෝප්ප, දීසි, තුවා සහ ඇඳ ඇතිරිලි වෙනම තැබිය යුතුය. රෝගියාගේ කාමරයේදී පමණක් ඔහුට කෑම ලබා දීමට උත්සාහ කළ යුතුය. රෝගියා භාවිත කළ බඩු භාණ්ඩ සහ අනෙකුත් උපකරණ අත්වැසුම් පැළඳ සබන්/ පිරිසිදු කාරක යොදා පිරිසිදු කළ යුතුය. නිවෙස් ගත ප්‍රතිකාර කාලය තුළ , උපස්ථායකයන් මුව ආවරණ ආදි පුද්ගල ආරක්ෂණ උපකරණ නිසි ලෙස පැළඳිය යුතුවේ.

What to Do If Someone at Home has COVID-19 Symptoms? - Scripps Health

නිවෙස් ප්‍රතිකාරය අවසන් කිරීම

ආසාදිත බවට හඳුනාගත් PCR පරීක්ෂණය සිදුකර දින 14 ක් සම්පූර්ණ වූ පසු ආසාදිත පුද්ගලයා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන්නේ නම් නිවෙස් ගත ප්‍රතිකාර කාලය එදිනෙන් අවසන් වේ.

නිවෙස් ගත ප්‍රතිකාර කාලය ඇතුළත නිවසෙහි වෙසෙන තවත් කෙනෙක් ආසාදිත පුද්ගලයාට සැලකිය යුතු අන්දමින් නිරාවරණය වූයේ නම් ඔහුගේ හෝ ඇයගේ නිරෝධායන කාලය (PCR positive නොවුණේ නම්) අවසන් වරට නිරාවරණය වූ දිනයේ සිට දින 14 ට පසු අවසන් වේ.

(පැතුම් වික්‍රමරත්න) 

 

(මූලාශ්‍ර –  සෞඛ්‍ය අමාත්‍යංශයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පත්‍රිකා )

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී