නවතම පුවත්

ඩොලර් සංචිතය බේරගෙන වාහන ගෙන්වන ක්‍රමයක් ගැන ජනපතිට යෝජනාවක්

අසංක

අසංක

රට තුළ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති වාහන මිල පිළිබඳ සළකා, විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඒ රටවලදී මිලදී ගත් වාහන, ලංකාවට එවීමට හැකි ක්‍රමවේදයක් යෝජනා කරමින් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා ජනාධිපතිවරයා වෙත පසුගියදා ලිපියක් යවා තිබේ.

ඒ පිළිබද මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී ද අදහස් දක්වා ඇති අතර මෙම ක්‍රමවේදය මගින් මෙරට තුළ ඩොලර් පිටතට ගලා නොයන අතර තීරු බදු ගෙවීම ද සිදුවන්නේ ඩොලර්වලින් බැවින් විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ද ලැබෙනු ඇත.

වාහන හා වාහන අමතර කොටස් ආනයන තහනමක් පනවා ඇති බැවින් මේ වනවිට රට තුළ වාහන මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම තහනම මෙරට විදේශ සංචිත අර්බුදය නිසා පනවා ඇති බැවින් කලක්් තිස්සේ මෙරටට විදේශ විනිිමය උපයා දෙන රට විරුවන්ට සහනයක් සලසා ඔවුන්ගේ පවුල්වලට වාහනයක් එවීමට ඉඩ ලබාදීමට මෙමගින් යෝජනා කර තිබේ.

එම යෝජනාව ඇතුළත් සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

අතිගරු ජනාධිපතිතුමනි,

විදේශගත ශ්‍රමිකයන්‌ වෙත රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දීම තුළින්‌ රට තුල පවතින ඩොලර්‌ හිඟය පියවා ගැනීම සම්බන්ධව.

කොවිඩි-19 ව්‍යාප්තිය සමග අප රටට ආර්ථික වශයෙන්‌ යම්‌ පසුබෑමකට ලක්වීමට සිදුවී ඇත. එයට හේතුව ලෙස මේ වන විට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පසුබෑම, අනෙකුත්‌ අපනයන ක්ෂේත්‍ර වල සිදුව ඇති පසුබෑම්‌ සහ විදේශයන්‌ හි සේවය කරමින්‌ සිටින ශ්‍රමිකයන්‌ මෙරටට එවනු ලැබු විදේශ විනිමය ප්‍රමාණය අඩු වීම වැනි කරුණු පෙන්වා දිය හැකි අතර ඒ හේතුවෙන්‌ අප රට තුල මේ වන විට ඩොලර්‌ සංචිත වල හිගයක්‌ මතුව ඇත.

මේ හේතුවෙන්‌ මේ වන විට රට තුල පවතින ඩොලර්‌ සංචිත රැක ගැනීම සඳහා අනවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කර ඇත. එහි එක්‌ පියවරක්‌ ලෙස මෝටර්‌ රථ සහ එම අමතර කොටස්‌ ආනයනය සීමා කර ඇත. එතුළින්‌ විශාල විදේශ විනිමය ප්‍රමාණයක්‌ ඉතුරු කර ගැනීමට අපට හැකිව ඇත. නමුත්‌ මේ ක්‍රියාවලිය “හේතුවෙන්‌ රට තුල අස්වාභාවික ලෙස රථවාහන වල මිල ඉහල ගොස්‌ ඇත. මෙතුලින්‌ වාහනයක්‌ මිළදී ගැනීමට බලාපොරොත්තු වන මෙරට ජනතාවද විශාල වශයෙන්‌ අපහසුතාවයට පත්ව ඇත.

විදේශයන්‌ හි සේවය කරමින්‌ මෙරට ආර්ථිකයට විශාල ශක්තියක්‌ වෙමින්‌ මෙරටට විදේශ විනිමය එවනු ලැබු විදේශ ගත ශ්‍රමිකයන්‌ හෙවත්‌ “රට විරුචන්‌’ කලක පටන්‌ ඔවුන්‌ හට තමා සේවය කරන රටේ සිට මිලදී ගත්‌ මෝටර්‌ රථයක්‌ මෙරටට රැගෙන ඒමට අවස්ථාවක්‌ ලබා දෙන මෙන්‌ ඉල්ලීම්‌ කර ඇත. ඒ අනුව වසරක කාලයක්‌ සඳහා එම “රට විරුවන්‌ හට එසේ මිලදී ගන්නා මෝටර්‌ රථය මෙරටට එවීමටත්‌ එසේ එවන මෝටර්‌ රථ සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල එම විදේශයේ සිට උපයනු ලබන ඩොලර්‌ යොදා ගනිමින්‌ මෙරට රජයට ගෙවීමට අවස්ථාව ලබා දීම තුලින්‌ සහ එම මුදල්‌ රට තුළ වෙනම ගිණුමක එක්රැස්‌ කිරීම තුලින්‌ අතිරේක ඩොලර්‌ සංචිතයක්‌ ‘ගොඩ නගා ගැනීමට හැකි වන අතර එමගින්‌ පහත සඳහන්‌ ප්‍රතිලාභ අප හට ලබා ගත හැක.

මෙම අවස්ථාව ලබා දීමේදී ‘රට විරුවන්‌’ මෙරටට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය, ඔවුන්‌ විදේශයන්හි සේවය කර ඇති කාල සීමාව වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කර ඔවුනට යම්කිසි තීරුබදු සහනයක්‌ ලබා දිය හැකි නම්‌ එය. ඔවුන්‌ රට වෙනුවෙන්‌ සිදු කර ඇති සේවය පිළිබඳව සිදු කරන කෘතගුණ සැලකීමක්‌ බවද සිහිපත්‌ කරනු කැමැත්තෙමි.

1.රට තුල පවතින වාහන වල මිල අස්වාභාවික ලෙස ඉහල යාම පාලනය කිරීමට හැකි වීම.

2. විදේශගත ශ්‍රමිකයන්‌ විසින්‌ කලක පටන්‌ රථවාහනයක්‌ ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන මෙන්‌ සිදු කර තිබු ඉල්ලීම ඉටු කිරීමට හැකිවීම.

3. එම වාහන ආනයනය කිරීම සඳහා මෙරට සිට විදේශ රටවලට මුදල්‌ ගෙවීමක්‌ සිදු නොකරන බැවින්‌ මෙරට පවතින විදේශ විනිමය සංචිත නැවත විදේශ රට වලට ගලා යෑමක්‌ සිදු නොවීම.

4. විදේශයන්හීදි මෙරට මිලට වඩා අඩු මිලකට ම්ලදී ගන්නා නවින රථවාහන සඳහා මෙරටට බදු මුදල්‌ ගෙවීම විදේශයන්‌ හී සිට ඩොලර්‌ මගින්‌ සිදුකිරීමට හැකි වීම තුළින්‌ මෙරට ඩොලර්‌ සංචිතයට අමතර ඩොලර්‌ ප්‍රමාණයක්‌ එක්‌ කර ගැනීමට හැකි වීම.

5.මෙය සීමිත කාලයකට පමනක්‌ හිමිවන අවස්ථාවක්‌ බැවින්‌ විදේශගත ශ්‍රමිකයින්‌ කඩිනමින්‌ මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම හේතුවෙන්‌ මෙරට පවතින ඩොලර්‌ හිගය සඳහා යම්‌ සාධනීය විසදුමක්‌ කඩිනමින්‌ ලබා ගැනීමට හැකි වීම.

මේ සම්බන්ධව අද දින එනම්‌ 2021 – 08-03 වන දින ගරු පාර්ලිමේන්තුව හමුවට කරුණු ඉදිරිපත්‌ කල අතර එහිදි අදහස්‌ පල කළ ගරු මුදල්‌ හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත්‌ නිවාඩ්‌ කබ්‍රාල්‌ මැතිතුමා විසින්‌ මෙම යෝජනාව ඉතා සාධනීය යෝජනාවක්‌ බවට කරුණු දක්වන ලදී.

අද දින ගරු පාර්ලිමේන්තුවේදි ගරු මුදල්‌ හා ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්‌ මැතිතුමා වෙතින්‌ දෙවන අතුරු පැනයක්‌ විමසීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ්‌ මුසම්මිල්‌ මැතිතුමා විසින්‌ මා වෙත ලබා දුන්‌ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මා විසින්‌ ඉහත ප්‍රශ්නය ගරු රාජ්‍ය අමාත්‍යතුමා වෙත යොමු කරන ලද අතර මා හට එම අවස්ථාව ලබා දීම සම්බන්ධව මා විසින්‌ ගරු පාර්ළිමේන්තු මන්ත්‍රී මොහොමඩ්‌ මුසම්මිල්‌ මැතිතුමා වෙත මාගෙ ප්‍රණාමය පුද කරමි..

අදාල යෝජනාවට සම්බන්ධ වීඩීයෝ පටය මේ. සමග ඉදිරිපත්‌ කර ඇත. ස්තූතියි,

මෙයට විශ්වාසී,

ප්‍රේම්නාත් සී. දොළවත්ත
අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක
පාර්ලිමේන්තු මන්ත්‍රී
සභාපති – මොරටුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුව

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි