නවතම පුවත්

කොවිඩ් පාලනයට රට ලොක්ඩවුන් කරන්නැයි වෛද්‍යවරු කීවේ නෑ- මහාචාර්ය චන්න ජයසුමන

අසංක

අසංක

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට රට ලොක්ඩවුන් කරන ලෙස මෙතෙක් වෛද්‍යවරුන් නිර්දේශකර නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍යවෙත අදහස් පලකරමින් ඔහු ඒ බව සදහන් කර තිබේ.

රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය කිරීමට රජය සූදානම් බව ද ඔහු එහිදී කීවේය.

රජය විසින් ගන්නා සියලු තීන්දු වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව සිදුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. .

“වසංගත රෝග විද්‍යා ඒකකය තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් තියෙනවා. ඒ වගේම ඊට පරිබාහිරව කටයුතු කරන විවිධ අධ්‍යයන ආයතන, වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. එතකොට අපිට නිල වශයෙන් දෙන උපදෙස් නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි දේශපාලන බලවේගවල බළල් ඇති හැටියට වැඩකරන ඇතැම් පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. රට වහන්න සෞඛ්‍ය අංශවලින් නිල වශයෙන් අපිට උපදෙස්, නිර්දේශ ලැබෙනවා නම් එය ක්‍රියාවට නංවන්න අපි පැකිලෙන්නේ නෑ. ඒ වගේම එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවන්වෙන මිනිස්සුන්ටත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ.” යැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්