නවතම පුවත්

කොවිඩ් කාලේ ගෙදර ඉඳන් හිරු එළියෙන් දුවන ත්‍රිරෝද රියක් හැදූ පාසල් සිසුවා

අසංක

අසංක

ඉවතලන ද්‍රව්‍ය යොදා ගනිමින් සූර්ය බලයෙන් ක්‍රියා කරන ත්‍රීරෝද රථයක් නිර්මාණය කළ සිසුවෙකු පිළිබඳ කිලිනොච්ච්යෙන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඔහු කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සුන්දරලිංගම් පිරනවාන් ය. හිරු එළියෙන් ධාවනය වන ත්‍රීරෝද රථය පැයට කිලෝමීටර 50 ක වේගයකින් ධාවනය කළ හැකි ය.

කොවිඩ් වසංගත සමයේදී වැඩි කාලයක් විවේකය ලබන මේ පාසල් සිසුවා මෙම පරිසර හිතකාමී ත්‍රීරෝද රථය නිර්මාණය කර ඇත්තේ සිය සීයාගේ ද උපකාර ඇතිවයි.

“කොවිඩ් වසංගතය නිසා ඉස්කෝලේ යන්න නෑ. අපිට පාඩම් කියලා දෙන්නේ ඔන්ලයින් හරහා. කොවිඩ් නිසා ඉස්සර වගේ යාළුවෝ එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න විදිහකුත් නෑ. ඒ හින්දා මම, මගේ සීයා එක්ක එකතුවෙලා එක එක ‍දේවල් කරනවා. මම අලුතෙන්ම හදපු නිර්මාණය තමයි සූර්ය පැනල යොදාගෙන හදපු ත්‍රිරෝද රථය.”

සූර්ය බලයෙන් ධාවනය වන පාපැදියක්, පොල් කඩන යත්‍රයක් සහ පොල් ගාන යන්ත්‍රයක් ද ඔහු විසින් මීට පෙර කරන ලද සෙසු නිර්මාණ වේ.

පිරනවාන් පවසන පරිදි බොහොමයක් උපාංග පරණ යකඩ බඩු කඩවලින් සොයාගත් කැබලි එකතු කරමින් සාදාගත් අතර ඔහුට ත්‍රීරෝද රථය නිර්මාණය කිරීමට මාස 08 ක් පමණ ගතව ඇත.

“ගෙවල්වල තිබෙන අනවශ්‍ය දේවල් උපයෝගී කරගෙන අලුත් අලුත් දේවල් කරන්න. මේ කොරෝනා කාලයේ ඒ දේවල් කළොත් කිසිම පීඩනයක් නැතිව ඔයාලටත් සතුටින් ඉන්න පුළුවන් වෙයි,” යනුවෙන් පිරනවන් සිය අත්දැකීම විස්තර කර සිටී.

සිය මුණුබුරාගේ මේ ව්‍යාපෘතිය සඳහා තවත් විවිධ පුද්ගලයන්ගෙන් උදව් ලැබුණු බව දොරෙයිසාමි සුප්පයියා පවසයි.

සූර්ය බලයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීම සිය මීළඟ බලාපොරොත්තුව බව පිරනවාන් පවසයි.

 

සූර්ය පැනලයෙන් දිවෙන යතුරුපැදිය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි