BREAKING NEWSක්‍රීඩා

Share now!

මේ වනවිට තලිබාන් සටන්කාමීන්ගේ ග්‍රහණයට නතුව ඇති ඇෆ්ගනිස්ථාන් රාජ්‍යයයේ , ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට හිමිව ඇත .

එරට ක්‍රිකට් ආයතනය  ඊයේ දින මේ බව    නිල වශයෙන් නිවේදනය කර ඇත ,.

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61 කට ක්‍රීඩා කර තිබෙන අතර . ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩලයේ සාමාජියෙකු ලෙස ද මීට පෙර කටයුතු කර ඇත .

. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ මීළග තරඟාවලිය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ .

මේ වන විට ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලේබාන් සංවිධානයේ යටතට පත්ව ඇතත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් බලපෑමක් සිදු නොවනු ඇති බවට වාර්තා පළවේ .

මේ පිළිබඳව තලිබාන් නායකයින්ද අවස්ථා කීපයකදී ප්‍රකාශ කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment