නවතම පුවත්

පුද්ගලික ක්‍රෙඩිට් කාඩ්, ව්‍යාපාර අරමුණකින් භාවිතා කරන්න බැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න )

වාණිජ බැංකු විසින් පුද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරික අරමුණ සඳහා භාවිත කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී .

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය මේ පිළිබඳව  වැඩිදුරටත් මෙසේ විස්තර කළාය

“මේක මේ දවස් කිහිපයේම අපිට අහන්න ලැබුණු දෙයක්. ණය කාඩ්පපත්වලින් ගෙවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කිසිම අලුත් නීතියක් පනවා හෝ ඒසේ කාඩ්පත් ගෙවීම් නවත්වන්න කියලා නැහැ. දැනට තියෙන නීතිය තමයි ණය කාඩ්පතක් පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයකට අවශ්‍ය කරන දෙයක් ලබා ගන්න. ‌වෙළෙඳාමක් වගේ දේකට භාණ්ඩ ලබාගන්න පාවිච්චි කරන්න බැහැ. නමුත් සාමාන්‍යයෙන් තමුන්ගේ පාවිච්චියට අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න, අධ්‍යාපන ආයතනයකට ගෙවීමක් කිරීම වැනි සාමාන්‍යයෙන් කරන කටයුතු කරන්න තාම පුළුවන්. ඒකට කිසිම බාධාවක් අපේ නීතිවලින් ඇතිකරලා නැහැ.”

ක්‍රෙඩිට් කාඩ්පත් හරහා විදේශ ගෙවීම් සිදුකිරීමේ දී බැංකු විසින් යම් යම් සීමා පනවා ඇති බවක් වාර්තා වී තිබෙන අතර ඒ් පිළිබඳවද ප්‍රනාන්දු මහත්මිය

“ඔබට පුද්ගලික පරිහරණයට ලැප්ටොප් පරිගණකයක් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරලා ඒය මිල දී ගන්න පුළුවන්. නමුත් ඔබ වාණිජ අරමුණක් ඇතිව ලැප්ටොප් 10 ක් හෝ 15 ක් මිල දී ගන්න කටයුතු කරනවා නම් ඒය ප්‍රශ්නාර්ථයක් විය හැකියි.”

මේ අතර විදේශ ‌ගෙවීම් සිදුකිරීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අමතර ගාස්තු අයකිරීමක් වාණිජ බැංකු විසින් මේ වන විට සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් කළ විමසීමක නියෝජ්‍ය අධිපතිවරිය වැඩිදුරටත් පැවසුවේ මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු මෙහෙයුම් දෙපාර්තමේන්තුව මේ පිළිබඳ සොයා බලන බවය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී