නවතම පුවත්

“හොඳටම පරෙස්සම් වෙලා ඉඳලත් ” කොවිඩ් හැදෙන්නේ කොහොමද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

“මම නම් කාලෙකින් ගෙදරින් එලියට බැස්සේවත් නැහැ . මට කොහොමද කොවිඩ් හැදුනේ ?”

“මාස්ක් එකත් දැම්ම , සැනිටයිසර් පාවිච්චි කළා. , මීටරේ දුර තියාගත්තා .. කියන ඔක්කොම කළා , ඒත් මට කොවිඩ් හැදුනනෙ . ඒ කොහොමද ? ”

” ගෙදරට ගේන බඩුත් සබන් ගාල හේදුව . ඒ තරම් පරෙස්සම් වෙලත් අපිට කොහොමද කොවිඩ් හැදුනේ ?

මේ ප්‍රශ්න කීපය නම් , කොවිඩ් වැළඳුනු අපේ හිතමිතුරන්ගෙන් , ඥාතීන්ගෙන් මේ දවස් වල අපිට නිතරම ඇහෙන්න ලැබෙනවා . ඒව ඇහෙනකොට අපේ හිතෙත් ලොකු සැකයක් ඇතිවෙනවා .

“ඒ තරම් පරෙස්සම් වෙලත් එයාලට කොහොමද මේ ලෙඩේ හැදුනේ , ඇත්තටම අපි කොහොමද කොවිඩ් වලින් බේරෙන්නේ ?

මේ සැක සංකාවන්ට විද්‍යාවෙන් නම් පිළිතුරු තියෙනවා . නමුත් විද්‍යාවෙන් විතරක් නෙවෙයි අත්දැකීම් වලිනුත් අපට මේ සැක සංකාවන්ට පිළිතුරු හොයාගන්න පුළුවන් .

ඒ නිසාම , ” හොඳටම පරෙස්සම් වෙලා ඉඳලත් ” කොවිඩ් හැදුනු මගේ ඥාති හිතමිතුරන් කීප දෙනෙක්ගෙන්ම , කොවිඩ් වලින් “පරෙස්සම්” වීම ගැන කරුණු ටිකක් විමසල බැලුව .

නයෝමි පෙරේරා කියන්නේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාව කරන එක්දරු මවක්  .  එයා විතරක් නෙවේ එයාගේ පවුලේ අයත් කොවිඩ් රෝගයෙන් බොහොම ප්‍රවේසම් වුනා . ඒත් අවාසනාවකට වගේ නයෝමිටත් , එයාගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකුටමත් , කොවිඩ් වෛරසය වැලඳුනා .

තමන්ට මේ විදියට , කොවිඩ් වැළඳුනු ආකාරය ගැන නයෝමිට අනුමාන කීපයක් තියෙනවා . ඒ අනුමානයන් ගැන තම අත්දැකීම්ද සමග , නයෝමි විස්තර කලේ මෙහෙමයි ,

” මමත් මගේ සැමියත් , පවුලේ ආරක්‍ෂාව ගැන හොඳට හොයල බැලුව , නිතරම සෞඛ්‍ය මාර්ගෝපදේශ ගරු කළා . අපේ ගෙදර ඉන්නේ අපි දෙන්නත් , මගේ මවත් , දුවත් විතරයි .

ගෙදරට ගේන බඩු භාණ්ඩ පවා අපි සේදුවා . ඒත් මම හිතන්නේ අපේ අතින් අඩු පාඩු වුනේ මුදල් භාවිතයේදී වෙන්න ඕනේ ,
කාර්යාලයේදී නම් මුදල් අල්ලන හැම වෙලාවකම වගේ සැනිටයිසර් වලින් අත හේදුව . ගෙදරට ගේන මුදල් දවස් තුන හතරක් යනකම් අල්ලන්න එපා කියල ගෙදර අයට මම කියල තිබුනා . ඒත් අපේ අම්මා අතින් වගේම සැමියා අතිනුත් ඒ උපදෙස මගහැරුණු අවස්ථා කීපයක්ම තිබුනා .

මගේ අතිනුත් අවස්ථා දෙකකදී වගේ ඒ අඩුපාඩුව සිදුවුනා , ගෙදරට ගෙනත් පැය කීපයක් ගතවෙන්නත් කලින් මුදල් ඇල්ලුවා . ඊට පස්සේ අත පිරිසුදු කරගන්නත් අමතකවුණු අවස්ථා තියෙනවා . හදිස්සියට , එහෙම නැත්නම් අමතවීම නිසා , තමයි ඒ වගේ අඩුපාඩු වුනේ . ඒ වගේම පිටතදී වගේ නෙවේ , ගෙදරදී අපේ පරෙස්සම අඩුයි කියල මට හිතෙනවා .

ගෙදර තියෙන සල්ලි වල වෛරස නැහැ” වගේ හැගීමක් තිබුන . දැන් තේරෙනවා අපේ අතින් වුනු ඒ අත් වැරැද්ද කොයි තරම් බරපතලද කියල . සල්ලි කියන්නේ මේ කාලේ බොහම වැඩි අවධානයකින් පාවිච්චි කරන්න ඕනේ දෙයක් .සල්ලි අල්ලන හැමවෙලාවකම , “සැනිටයිසර්” ටිකකින් හරි අත හෝදගන්න ඕනේ .එක පුරුද්දක් කරගන්න ඕනේ “


ධනංජනී ප්‍රනාන්දු , තරුණ මාධ්‍යවේදිනියක් . කොළඹින් ඈත ගම්බද පරිසරයකයි ඇය පදිංචිවෙලා ඉන්නේ . .,

ධනංජනීත්  හැකිතාක් උපරිමව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කල කෙනෙක් . ඒ වගේම ඇය පසුගිය කාලය පුරාම නිවසෙන් පිටට ගිහින් නැහැ . රැකියාව කලෙත් නිවසේ සිටමයි . එහෙනම්, ගෙදරටම වෙලා හිටපු, ඇයට කොහොමද මේ වෛරසය ආසාධනය වුනේ ? මේ ගැන ධනංජනී විස්තර කලේ මේ විදීයටයි .

” මම පහුගිය කාලේ හිටියේ ගෙදරමයි , වැඩ කලෙත් ගෙදර ඉඳන් . අපේ ගෙදර ඉන්නෙත් මමයි , අම්මයි විතරයි , දෙන්නම ගෙදරින් එලියට බැස්සේ නැහැ , අඩුම තරමේ කඩේටවත් ගියේ නැහැ . ඔක්කොම ‘ඔර්ඩර්’ කරලා ගෙන්වගත්ත . ඒ වුනාට අපේ ගෙවල් වටේටම ඉන්නේ අපේ ලඟම නෑදෑයෝ . ඒ අය නිතර අපේ ගෙදර ආවා ගියා . එහෙම ආපු අපේ නැන්දා කෙනෙකුට ගිය සතියේ කොවිඩ් හැදිලා තිබුනා . අපිට බෝ වුනේ එයාගෙන් කියල දැන් තේරෙනවා .

පිට මිනිස්සු හම්බවෙනකොට මාස්ක් එක දැම්මත් , අපි අපේ සමීපතමයින් ඇසුරු කරනකොට ඒ  සෞඛ්‍ය පුරුදු අමතක කරනවා . අපේ ලඟම  හිතමිතුරන් , ඥාතීන් කියා වෙනසක් නැහැ , ඒ ඕනෑම කෙන්  ගාව මේ වෛරසය තියෙන්න පුළුවන් , සමහරවිට ඒ ගැන එයාලත්  දන්නේ නැතිවෙන්න පුළුවන් . ආයෙනම් මගේ අතින් ඒ වැරැද්ද වෙන්නේ නැහැ , නිවසෙන් පිට ඕනම කෙනෙක් මුණගැහෙනකොට අඩුම ගානේ මාස්ක් එක හරි දාගන්න මම මතක තියා ගන්නවා “

රොෂාන් සිල්වා මැදි වියේ ඉන්න දෙදරු පියෙක් . රොෂාන් අප සමග පැවසුවෙත් , එයාත් එයාගේ පවුලේ අයත් කොරෝනා වලින් බේරෙන්න අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් අනුගමනය කල බවක් . විශේෂයෙන්ම රොෂාන්ගේ බිරිඳ , මේ සෞඛ්‍ය උපදෙස් නිවැරදිවම අනුගමනය කල කෙනෙක් .

” ඔව් මගේ බිරිඳ මේ සෞඛ්‍ය උපදෙස් ගැන හරිම උනන්දුයි . එයා ඒවා නිවැරදිවම කළා . ඒවගේම අපිටත් ඒ සෞඛ්‍ය උපදෙස් ගැන කියල දුන්න . ගෙදර ඇතුලේ  නීති රීති ගොඩාක් දාල , කොරෝනාවෙන් අපේ පවුල රැකගන්න එයා ගොඩක් ලොකු කැපවීමක් කළා . ඒ නිසාම මමත් දරු දෙන්නත් එයාගේ උපදෙස් හොඳට පිළිපැද්ද .

එහෙනම් කොහොමද රොෂාන්ට වෛරසය ආසාධනය වුනේ ?

රොෂාන් ඒ ගැන අපට සඳහන් කලේ මෙවැන්නක් ,

ඇත්තම කියනවා නම් මගේ තියෙන නරක පුරුදු ටිකක් නිසා තමයි අපේ ගෙදරට කොරෝනා ආවේ. මම ” මත්පැන් ” වලට ටිකක් හුරුවෙලා ඉන්න කෙනෙක් . බිරිඳගේ දැඩි ඉල්ලීම් නිසා පහුගිය ටිකේ මම තැබෑරුම් , අවන්හල් , මංගල උත්සව , ප්‍රිය සාදවලට නම් ගියේ නැහැ , එත් මගේ කිට්ටුම මිත්‍රයින් කිහිපදෙනෙකු සමග එකතුවෙලා  නිතර මත්පැන් පානය කළා . එහෙම මිතුරු සාදයකදී කොරෝනා වෛරසය මට අසාධනය වන්නට ඇතිය යන සැකය මගේ හිතේ තියෙනවා .

ඒ විතරක් නෙවේ ,මත්පැන් පානය කරන්නට පෙර අපි කොයිතරම් හොඳට සෞඛ්‍ය පුරුදු අනුගමනය කලත්, මත්පැන් පානයෙන් පස්සේ ඒ ගැන අමතක වෙනවා , ඒ ගැන තියෙන අවධානය , සිහිය , නැති වෙලා යනවා . භයානකම කරුණ ඒකයි  . ඒ ගැන උදාහරණ කීපයක්ම මට මතකයි . මම මිතුරන්ගේ මත්පැන් සාද වලට සහභාගීවුනු අවස්ථා කීපයකදීම ආපහු ගෙදරට ඇවිත් තිබුනේ ” මාස්ක් ” එකවත් නැතුවයි .

නයෝමි , ධනංජනී , රොෂාන් යන තිදෙනාම සමස්තයක් ලෙස ගත් විට ඉතා හොඳින් , කොරෝනාවට එරෙහි සෞඛ්‍ය පුරුදු අනුගමනය කල අය . නමුත් ඔවුන් එම වෛරසයට ගොදුරුවී ඇත්තේ ඔවුන් අතින් සිදුවුණු සුළු අතපසුවීම් හා අත්වැරදී නිසාවෙන් බව ඔවුන්ගේම පැහැදිලි කිරීම්වලින් අපට තේරුම් ගත හැකියි නේද ?

ඒ අනුව , “ඩෙල්ටා” ප්‍රභේදය වැනි දරුණු කොරෝනා වෛරස ප්‍රභේදයක් රට පුරා පැතිරයන මෙවන් වකවානුවක , අප සියලුම දෙනා තවදුරටත් මෙම සෞඛ්‍යාරක්‍ෂණ මාර්ගෝපදේශ අනුගමනය කල යුතුමයි. , ඒ සඳහා පෙරටත් වඩා වැඩි අවධානයක් යොමුකලයුතුයි  .  කොටින්ම කිවහොත් අපගේ  “පරෙස්සම ” තවදුරටත් දැඩි කල යුතුයි  .

අපගේ අතින් සිදුවන එකම එක සුළු අත්වැරැද්දක් පවා ,,, කොරෝනා “මාරයාට” හොඳටම ප්‍රමාණවත් …….

(පැතුම් වික්‍රමරත්න) 

([email protected])

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී