BREAKING NEWSවිශේෂාංග

Share now!

 

(නිශාන්ත අල්විස් )

 

ජායාරූප ශිල්පී, හර්බටි වෑන් එස් විසින් 1975 දී ගන්නා ලද ජායාරූපයක් මෙි දිනවලදී කතාබහට ලක්වෙනවා. වියටිනාමයේ යුද්ධය අවසන් වෙද්දී සයිගොන් නුවර වහලයක් මත සිටින මිනිසුන් හෙලිකොප්ටරයකට රිංගා යන මෙි ජායාරූපය ප්‍රකට වුණේ, කාබුල් අත්පත් කරගැනීමත් සමඟ.
මෙි දිනවල අමරිකා එක්සත් ජනපද මිලිටරි හමුදාව ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් ඉවත්වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මකයි. එම අවස්ථාවෙිදීද, කාබුල් හි පිහිටි අමරිකානු තානාපති කාර්යාලයේ සිටි පුද්ගලයන් හෙලිකොප්ටරයකින් ඉවත් කර ගන්නා අයුරැ ජායාරූපකරණයකට ලක්ව තිබෙනවා .
එයද සමාජගත වුණා.
මෙි දෙක අතර සමානතා වගේම පරස්පරතා තියෙනවා .
වියටිනාමයෙන් අමරිකාව පළා ගියේ ඇයි? ඇෆ්ගනිස්තානයෙන් අමරිකාව ඉවත් වුයේ ඇයි?
සයිගොන් බිඳවැටීම සහ කාබුල් බිඳවැටීම දේශපාලන විශ්ලේෂකයින්ගේ අවධානයට ලක්ව ඇත්තේ ඒ නිසයි.

 


වියටිනාමයේ යුද්ධය , උතුරැ වියටිනාමයේ කමියුනිස්ටි ආණ්ඩුව හා දකුණු වියටිනාමයේ කණ්ඩායමි අතර පැවැතියා. දකුණු වියටිනාමයේ ප්‍රධානතම ආධාරකරැවා වුයේ, අමරිකා එක්සත් ජනපදයයි. උතුරැ වියටිනාමයට එකල සෝවියටි දේශයේ ආධාර , උපකාර නිබඳවම ලැබුණා.
එරට යුද්ධය වසර 20 කට අධික කාලයක් පැවැතුණා. සයිගොන් බිඳවැටීම ලෙසයි, එහි අවසානය සනිටුහන් වුයේ.
ඒ , කමියුනිස්ටි භට පිරිස් දකුණු වියටිනාමයේ අගනුවර වන සයිගොන් අත්පත් කරගැනීමත් සමඟ.
” වියටිකොංවරැ” ලෙස හැඳින්වෙන කමියුනිස්ටි කාඩර්වරුන් 1975 අප්‍රියෙල් මසදී සයිගොන් නගරය අත්පත් කරගත්තා.
1973 දී, එක්සත් ජනපදය, දකුණු වියටිනාමයෙන් ඉවත්ව වසර දෙකකට පසු, උතුරැ වියට්නාම් කමියුනිස්ටි හමුදාව සයිගොන් නගරය මුළුමනින්ම අත්පත් කර ගත්තා.
එහෙත්, කාබුල් වල සිදුවුයේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් .
ඒ, තලෙබාන් සංවිධානය කෙටි කලකින් කාබුල් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීමයි.එක්සත් ජනපදයේ හා බටහිර මාධ්‍ය වල තක්සේරුව වුයේ, තෙමසක් ඇතුළත කාබුල් නගරය තලේබාන්වරැ අත්පත් කරගන්නා බවයි.
කාබුල්හි බලය තහවුරු කරගැනීමෙන් පසු තලෙබාන්හි ප්‍රකාශක සබිහුල්ලා මුජහීඩි කියා සිටියේ, ඉස්ලාමීය නීතියක් තුළ කාන්තා අයිතිවාසිකම් ලැබෙන බවයි.
මින් අදහස් වන්නේ , මීට කළින් තලෙබාන් සංවිධානය ක්‍රියා කළ ආකාරයට වඩා වෙනස් මතයක් ඔවුන් දරන බවයි.
දේශපාලන අයිතිවාසිකම් , වෙනස් මත දැරීම , ළමා හා කාන්තා අයිතිවාසිකම් , ආගමික මතවාද වැනි මුලික අයිතිවාසිකම් පිළිබඳව තලේබාන්වරැන්ගේ “යථා” ප්‍රවෙිශය කුමක්ද ? යන්න විමසා බලන්නට තවම කල් වැඩියි. ප්‍රවෙිශමින් එය විමසා බැලිය යුතුයි.
ඇෆ්ගනිස්තානයේ තලෙබාන් සංවිධානයේ නායකත්වය පිළිබඳව මෙතෙක් නිශ්චය ඉඟි නැහැ. ඉස්ලාමීය සටන්කාමීන් හරහා නායකත්ව මණ්ඩලයකින් රට පාලනය වෙියැයි උපකල්පනය කලොත් , එහි අන්තවාදී මෙන්ම මධ්‍යස්ථ කොටස් ද සිටිනු හැකියි.
එම මතවාදී ප්‍රවෙිශය යලි ඇෆ්ගනිස්තානයේ සමාජය මත මුදා හැරෙනු ඇති.
හිටපු ජනාධිපති අෂ්රොෆ් ඝානි, තජිකිස්තානයට පලා යන්නේ තම රට අඳුුරේ හෙලමින්. ඔහු බලයට පත්වන්නේ දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසින්.

 

Endless War. A Visit with the Taliban in Afghanistan – The Muslim Times

ඇෆ්ගනිස්තානයට අඳුර වැටෙන්නේ 1979 තරමි ඈත අතීතයේදී. එම වසරේ නත්තල් දින සන්ධ්‍යාවක සෝවියට් හමුදාව ඇෆ්ගනිස්තානයට ඇතුළු වුණේ , එවකට ඇෆ්ගන් කමියුනිස්ටි ආණ්ඩුවේ නව නායක, බබිරාල් කමාල් කමාල් තමන්ට ඇෆ්ගනිස්තානයට ඇතුළු වන ලෙස ඉල්ලීමක් කළ බව කියමින්.මිලිටරි නායකත්වය සහිත එම වාමාංශික ආණ්ඩුව පැවැති ආණ්ඩුව පෙරලමින්, බලය අත්පත් කර ගත්තා. එදින සිට අවුරැදු හතලිස් දෙකක් එරට යුද ගිණි දැල් ඇවිලුණා.
සෝවියට් හමුදාව ඇෆ්ගනිස්තානයට පැමිණියේ, කමියුනිස්ටි විරෝධී ඇෆ්ගන් මුස්ලිම් ගරිල්ලන් මැඩ පවත්වා සාමය තහවුරු කරන බව කියමින්.
එම ගරිල්ලන් කණ්ඩායම එදා හැඳින්වුයේ , මුජහදීන් ලෙසින්.
ඉස්ලාමීය ශුද්ධ සටන්කාමීන් ලෙසයි, ඔවුන් තමන්ව හඳුන්වා ගත්තේ .මෙම කණ්ඩායමට අමරිකානු ආණ්ඩු මුදල් හා අවි ලබාදීම සිදු කළා. හිටපු අමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් 1983 දී මුජහදීන් ගරිල්ලන් ධවල මන්දිරයට කැඳවා නිදහස් සටන්කාමීන් ලෙස වර්ගීකරණය කළා.1986 සැප්තැම්බරයේදී අමරිකානු ආණ්ඩුව මුජහදීන් කැරලිකරුවන්ට ගුවන්යානා බිඳ හෙලීමට අවශ්‍ය ගුවන් මිසයිල පවා ලබාදුන්නා.එහි ප්‍රතිඵලයක් ලෙස, 1989 දී සෝවියට් හමුදාවට ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යාමට සිදුවුණා.1992 දී පමණ මුජහදීන් ගරිල්ලන් කාබුල් නගරය අත්පත් කරගත්තා. බලය පිළිබඳව එකඟතාවක් නොමැතිව ඔවුන් කල්ලි වලට කැඩුණා. සටන්වලට අවතීර්ණ වුණා. සිවිල් ජනතාව ලක්ෂ කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව, නිල නොවන වාර්තා වල දැක්වුණා.
1994 දී තලේබාන්වරැ කලඑලි බැස්සා. ඒ , දකුණු කන්දහාර් ප්‍රදේශයේ බලය අත්පත් කරගැනීමත් සමඟ. අන්තවාදී ඉස්ලාමීය නීතිමය ප්‍රතිපත්තිය ඔවුන් ගේ ආණ්ඩුකරණය වුණා.
ඉන් වසර දෙකකට පසු තලෙබාන් සංවිධානය ශක්තිමත්ව කාබුල් නගරය අත්පත්කර ගත්තා. මුල්ලා මොහොමඩි එහි නායකත්වය ගත්තා.
ඔහු , කාන්තාවන්ට රැකියා අවස්ථාව අහිමි කළා. අධ්‍යාපන අවස්ථා අහිමි කළා.
සැප්තැම්බරයේදී, අමරිකානු වෙළඳ මධ්‍යස්ථානයට බෝමිබ හෙලීමත් සමඟ අමරිකාවට අලුතින් ඇෆ්ගනිස්තානය ගැන හිතන්න වුණා . දැඩි තීරණ ගත්තේ ඉන් පසුවයි.

 

Afghanistan: Women pick up arms against Taliban in Ghor, Muhammad Ghori's  home - World News
ඒ නිසාම, ඇෆ්ගනිස්තානය සමිබන්ධයෙන් අමරිකානු ප්‍රතිපත්තිය වඩාත් යුධ, ආර්ථික හා දේශපාලන ප්‍රවෙිශයක් ගන්නට තීරණය කෙරැණා.
ඊට හේතුව වුයේ , ප්‍රහාරයේ වගකීම අල් කයිඩා සංවිධානයට පැවැරැමත් සමඟ.එහි නායක බින් ලාඩන් තමන්ට ලබාදෙන්නැයි අමරිකාව , තලෙබාන් සංවිධානයට දැනුමි දී තියෙනවා. ඔවුන් , එය තරයේ ප්‍රතික්ෂේප කළා.
ඔිමාර්ගේ ප්‍රතික්ෂේප කිරීමත් සමඟ 2001 වර්ෂයේදී අමරිකාව , නේටෝ සංවිධානය හා අමරිකානු හිතවාදී රටවල්, ඇෆ්ගන් යුද පෙරමුණට සක්‍රීයව දායක වුණා.මුල්ලා ඔිමාර් යලි කන්දහාර් ප්‍රදේශයට පළා ගියා, තම සේනාව සමඟින්. තලෙබාන් ආණ්ඩුකරණය එතැනින් බිඳ වැටුණා.
වසර ගණනාවකට පසු, 2004 දී පැවැති ජනාධිපතිවරණයෙන් හමීඩි කර්සායි බලයට පැමිණ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අත ගැසුවා. 2009 දීද , ඔහු ජයග්‍රහණය ලැබුවා. 2011දී අල් කයිඩා නායක බින් ලාඩන්ව ඇෆ්ගන් – පකිස්තානු යාබද දේශසීමාවෙි පිහිටි කුඩා ගමක සැඟවී සිටියදී අමරිකානු විශේෂ මෙහෙයුමකින් ජීව ග්‍රහණයෙන් අල්ලා ගන්නවා.එම සිදුවීම ලෝක දේශපාලනය මුළුමනින්ම උඩු යටිකුරු කරන්න සමත් වුණා. 2015- 2018 කාල සීමාවෙිදී, තලෙබාන් සංවිධානය දිගින් දිගටම, ඇෆ්ගන් හමුදාවට මෙන්ම අමරිකානු – නේටෝ හවුලට ප්‍රහාර එල්ල කළා. ඒ නිසාම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දේශීය ආර්ථිකය ගොඩනැඩගීමෙි දර්ශනය යටතේ, යුද උපක්‍රමයක් ලෙස ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින තම හමුදා ඛණ්ඩ කැඳවීමට ඔහු තීරණය කළා.
ඒ අතරතුරයි, වත්මන් හිටපු ජනාධිපති අෂ්රොෆ් ඝානි බලයට පත්වන්නේ.2020 දී අමරිකාව සහ තලෙබාන් සංවිධානය අතර සාකචිජා පැවැත්වෙනවා. එහි ප්‍රතිඵලයක් ලබන්නේ කටාර්හි දී ගිවිසුමකට දෙපාර්ශවයම අත්සන් තැබීමෙන් අනතුරුවයි.
පසුව බලය බෙදාගැනීමට ඝානි – තලෙබාන් සංවිධානය අතර සාකච්ඡා පැවැත්වුණත් එය ද අසාර්ථක වෙනවා.
එහෙත් ඝානි ගේ බලය ඇල්ලීමට ඇති කැමැත්ත මත යලි ඇෆ්ගනිස්තානයේ අනාගතය තීරණය වනු ඇති.රටකින් නායකයෙකු පලා ගිය හොත් ඒ පාලකයා නිරතුරුව වෙහෙසෙන්නේ, විදෙස් බලවෙිග සමඟ යලි බලය අත්පත් කර ගැනීමටයි. බලයෙන් පලා ගියද, ඔහු ලොව තවත් බලවත් රටක් යටතේ සෙවනැල්ලට මුවා වෙමින් සිටින අයුරැ පෙනෙනවා.

Afghanistan 'spinning out of control' amid Taliban offensive: UN | Taliban News | Al Jazeera
ඇෆ්ගනිස්තානයේ අඳුර දුරලීමට තලේබාන්වරැන්ට හැකිවෙයිද? දැඩි ආර්ථික ද්‍රරිද්‍රතාවෙන් පෙලෙන එරට වැසියන්ට නව ආණ්ඩුවෙන් ලැබෙන සරණ කුමක්ද ?
බහුතරයක් සිටින්නේ , දේශපාලන අනාථයින් ලෙසින්. මද වශ⁣යෙන් තවත් කොටසක් මර බියෙන් සැලී සිටිනවා.ඒ,අමරිකාව ප්‍රමුඛ නේටෝ මිත්‍ර පාක්ෂික හවුලට උදවි කළ, ඔත්තු ලබාදුන් කණ්ඩායමි.
ඔිස්ට්‍රෙිලි යානු අග්‍රාමාත්‍ය වරයා කියා සිටියේ ඇෆ්ගන් අතීත මිත්‍රයින් සැමොටම තම රැකවරණය ලබාදිය නොහැකි බවයි.
එසේනමි ඇෆ්ගනිස්තානයේ එවැනි කණ්ඩායමිද සිටින්නේ පැහැදිලි අනතුරකයි.
තෙල් සමිපත, මිනිරන් ඇතුළු ඛණිජ සමිපතෙන් හා තවත් බොහෝ දෙයින් ආඩ්‍යයය ඇෆ්ගනිස්තානයට ලෝක බලවතුන් ගේ ඇස යොමු වන්නේ දකුණු ආසියානු කලාපීය බලය ස්ථාපනය කිරීමටම නොවෙයි. ඊට එහා ගොස් ධනය එක්රැස් කිරීමෙිද පරමාර්ථයෙන් බව නිසැකයි.
ලෝක බලවතුන් නිරතුරුව ඇෆ්ගනිස්තානය පිළිබඳව විමසා සිටි බව අප දන්නා කරැණක්. ඇෆ්ගනිස්තානය සමිබන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ සෘජුව නොගත්, දකුණු ආසියානු කලාපයේ බලවත් ඉන්දියාව සහ ලෝක ආර්ථිකයේ දෙවැනි බලවතා වු චීනයේ ප්‍රවෙිශය කුමක්ද යන්න විමසිල්ලෙන් බැලිය යුතුයි.

 

නිශාන්ත අල්විස් 

([email protected])

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment