BREAKING NEWSවිදෙස්සේයාරූ

Share now!

ප්‍රංශයේ රීම්ස් නගරයේ සිය ගණනක් වන ප්‍රදේශවාසීන් කැෆේ සහ අවන්හල්වලින් පිටත බිම වාඩි වී බිම රෙදි එලාගනිමින් රංචු සැදී කෑම බීම ගැනීමට පටන් ගෙන ඇත්තේ  පික්නික් එකක් ගොස් ඇති පරිදි ය.

මෙය එක්තරා විරෝධතාවකි. එරට තුළ අනිවාර්ය කරන ලද කොවිඩ් -19 සෞඛ්‍ය අවසර පත්‍ර ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් ඔවුහු මෙම විරෝධතාවේ නියැලෙති.

එරට තුළ කොවිඩ් සෞඛ්‍ය බලපත්‍රයක් නොමැති නම් කිසිදු සාප්පුවකට හෝ අවන්හලකට හෝ ආයතනයකට ඇතුළුවීමට නොහැකි පරිදි නීති පනවා ඇත.

‘යෝධ පික්නික් එක’ ලෙස නම් කරන ලද මෙම ක්‍රියාව මගින් මිනිසුන් එර්ලෝන් චතුරශ්‍රයේ බිම හිඳ කැෆේ සහ අවන්හල් වලින් පිටත ආහාර භුක්ති විඳිමින් සිටි.

ප්‍රංශය තුළ මෙම කොවිඩ් සෞඛ්‍ය බලපත්‍රය අනිවාර්ය කිරීමත් සමග මාසයක් තිස්සේ ජනතාව විරෝධතාවල නිරත වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment