නවතම පුවත්

පුපුරණ ද්‍රව්‍ය හදන කොම්පැනියටම පතරොම් හදන්නත් දෙයි!

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

ආරක්ෂක ආමත්‍යංශයේ අනුහසින් මෙරටදී පතරොම් නිෂ්පාදනය කරන සමාගමක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලික එකගතාවන් පළවී තිබෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ද කළම්බො එක්ස්ප්‍රස්වෙත දැනගන්නට ලැබිණි.

මෙසේ ජීව පතරොම් නිෂ්පාදනය සදහා අවසර ලබාදීමට මුලික එකගතාවය ඇතිකරගෙන ඇත්තේ මේ වනවිටත් රජයේ අවසරය පරිදි පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන වොටර් ජෙල් පුපුරණ දව්‍ය නිෂ්පාදනය කරන සමාගමයි.

ගල්කොරි සදහා අවශ්‍ය පුපුරණ ද්‍රවය නිෂ්පාදනය සදහා අවසරය ලබා ගෙන ඇති මෙම පුද්ගලික සමාගම නියමිත ප්‍රමාණයට පමණක් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කොට බෙදා හරිනවාද නැතිනම් අතිරික්ත ප්‍රමාණයන්ට කුමක් කරන්නේද යන්න ගැන මෙතෙක් විධිමත් සොයා බැලීමක් සිදුනොවන බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කළේය.

අදාල සමාගමට අක්කර 500ක භූමියක් ඒ සදහා සොයා ගන්නැයි දැනුම් දී ඇති අතර එම සමාගමේ නියෝජිතයෝ පසුගියදා පැමිණ අක්කර 300ක් සොයාගත් බව දන්වා ඇත. නිසි නියාමනයක් නොමැතිවීම හේතුවෙන් මෙවැනි ව්‍යාපාර ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය විය හැකිබව ආරක්ෂක විශ්ලේෂකයෝ සදහන් කරති.

ආරක්ෂක අමාත්‍යංශයේ සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශය යටතේ පාලනයවන පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි පාලනය මේ වනවිට ක්‍රමවත් පාලනයකින් හා ගණනය කිරීමේ දත්ත සංචිතයන්ගෙන් තොර අංශයක් බවට පත්ව තිබෙන බවද දැනගන්නට තිබේ.

මේ වනවිට එම අංශය භාරව කටයුතු කරන ආරක්ෂක අමාත්‍යංශයේ මෙම විෂය භාර අතිරේක ලේකම් ජොන් මාටින්ස්ටයින් අල්පොන්සු ඩග්ලස් මහතාද  ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය  හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි.

වායු රයිෆල් මෙරටට ගෙනඒමේදී ඒ සදහා සියයට 15ක පමණ අඩු බද්ධක් අය කෙරෙන අතර ජර්මනිය වැනි රටවලින් වායු රයිෆල් ගෙන ඒමේදී ඒ සම්බන්ධයෙන් විධිමත් සොයා බැලීමක් සිදු නොවන බවද සදහන්ය.

බොහෝ විට මෙම වායු රයිෆල් ආනයනය ඔස්සේ ජාවාරමක් ලෙස ව්‍යාජ දත්ත ඉදිරිපත් කරමින් හොර අවි ජාවාරම් පැවැතිය හැකි බව ආරක්ෂක අංශයන්ගේ සැකයයි.

එකම ලියාපදිංචි අංකය වෙනුවෙන් අවි දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබීම වැනි ආරක්ෂක අංශ නොමග යවන සුළු ජාවාරම් ඒ අතර වන බව ද කළම්බො එක්ස්ප්‍රස් අධ්‍යනයන්ට අනුව පැහැදිලි වේ. ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍යවලට මැදිව පවතින මාෆියාව ඉතා ඉහළ එකකි.

මෙම පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි මාෆියාව එක් පාර්ශවයකට පමණක් සීමා වීමද තවත් අර්බුධයක් නිර්මාණය කර ඇති සැටියකි. 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?