නවතම පුවත්

8 වසරකට පසු දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ජය ශ්‍රී ලංකාවට

අසංක

අසංක

වසර 08 කට පසුව දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගාවලියකින් ජයගැනීමට අද සමත් විය.

ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියෙය්දීයි.

එසේම ශ්‍රී ලංකාව ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රාහණය කරන්නේ වසර එකහාමාරකට පමණ පසුවය.

අද පැවැති තුන්වන එක්දින තරගය ශ්‍රී ලංකාව ජය ගන්නේ ලකුණු 78 කිනි.
කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09 දැවී ලකුණු 203 ක් රැස්කර ගත්තේය.

පිතිකරුවන් අතර අද ලකුණු අතරට පැමිණෙමින් හුදෙකලා සටනක නිරතවූ චරිත් අසලංක ලකුණු 47 ක් රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිමට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 29 යි පන්දු 05 කදී සියළු දෙනා දැවී රැස්කර ගැනීමට සමත්වන්නේ ලකුණු 125 ක් පමණි.

සිය මංගල ක්‍රිකට් තරගයේ මංගල පන්දුවෙන්ම නවක ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කඩුල්ලක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය. ඔහු සිය පන්දුවාර 10 තුළදී ලකුණු 37 කට කඩුලු 04 ක් දවා ගැනීමට සමත් විය.

මෙයට පෙර මෙවන් දක්ෂතාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්ම දක්වා ඇති අතර ඒ අය වන්නේ චරිත් බුද්ධික, කෞෂල්‍ය ලොකුආරච්චි සහ තිලාන් තුෂාර යන ක්‍රීකකයන්ය. ඒ අය පිළිවෙලින් සිම්බාබ්බේට එරෙහිව 2001 වසරේදීද, කෙන්යාවට එරෙහිව 2002 වසරේදීද, බටහිර කොදෙව්වන්ට එරෙහිව 2007 වසරේදීද එම දක්ෂතා පෙන්වා ඇත.

අද තරගයේ වීරයා සම්මානය දුෂ්මන්ත චමීරට හිමිවූ අතර ඔහු පන්දුවාර 04 කදී දකුණු 16 ක් පමණක් ලබාදෙමින් කඩුලු 02 ක් දවාගත්තේය.

තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ චරිත් අසලකට හිමි විය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?