BREAKING NEWSExpress Gossipසේයාරූ

Share now!

ලොව පුරා ගීත ලෝලීන් වැළඳගත් සතීශන්ගේ ගීතයේ ‍නවක ගායිකා යොහානි ද සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ official cover song වීඩියෝව යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

මෙරට පිළිගත් ගීතයක් මාස 3ක් තුළ “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

එම ගීතය දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් ගායනා කර සමාජ මාධ්‍ය වෙත විඩියෝ මුදා හැර තිබේ.

පසුගිය 2 වැනිදා වනවිට ගෙවුණු මාසය තුළදීද එය යූටියුබ් හි 5 වැනි ස්ථානයට පැමිණ තිබුණි.

මේ වනවිට යූ ටියුබ්හි ලොව වැඩිම නැරඹුම් වාර ගණනක් ඇත්තේ Baby Shark Dance නමැති කුඩා දරුවන්ගේ ගීතයකටයි. එය බිලියන 9.2ක් ඉක්මවා නරඹා තිබේ.

ලැයිස්තුවේ ඊළඟට ඇත්තේ Luis Fonsi & Daddy Yankee ගායනා කරන Despacito ගීතයට වන අතර එය නැරඹුම් වාර බිලියන 7.5ක් වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment