නවතම පුවත්

වසර 44කට පසු ලෝක ටෙනිස් කිරුලක් බ්‍රිතාන්‍යයට ගෙනදුන් පුංචි කෙල්ල!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(නිශාන්ත අල්විස් )

වසර 44 කට පසු බ්‍රිතාන්‍යයට ටෙනිස් ක්‍රීඩාවේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටයිටලය ලබා ගැනීමට එමා රාදුකානු දැරිය සමත්ව ඇත .

 එක්සත් ජනපදයේ පැවති යූඑස් ඕපන් ටෙනිස් අවසාන තරඟාවලියේදී ඇය මෙම දස්කම දැක්වීය .

තවමත් 18 හැවිරිදි එමා අවසාන ශූරතාවලියේදී කැනඩාවේ 19 හැවිරිදි ලයිලා ෆර්නෑන්ඩස් පරාජය කරමින් මෙම ශූරතාවය ලබා ගත්තාය.

ඉකුත් සෙනසුරාදා (11) දින පැවැත්වූ යූඑස් ඕපන් ටෙනිස් තරඟාවලියේ අවසාන වටය ප්‍රේක්ෂකයන්ට විශේෂ අත්දැකීමක් වූ අතර  ඊට හේතුවූයේ තරඟවැදි ක්‍රීඩිකාවන් තවමත් 18 – 19 තරම් ලාබාල වයස් වල පසුවීමය.

වයස අවුරුදු 13 සහ 19 අතර වයස් වල  පසුවූ තරඟකාරිනියන් දෙදෙනෙකු අතර මෙසේ ටෙනිස් ශූරතාවයේ අවසන් වටයක තියුණු තරඟයක් ලොව අත්දකින්නේ වසර 22 කට පසුව වීමද විශේෂත්වයක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණ .

පුරා පැය එකකුත් මිනිත්තු 51 ක කාලයක් තුළ එමා 6 – 4 සහ 6 – 3 වශයෙන් කැනේඩියානු ලයිලා පරාජය කරමින් ශූරතාවය දිනා ගත්තාය.

.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට එමා ගේ බලාපොරොත්තුව ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් සතරම ජය ගැනීමයි. ඒ සඳහා මෙම වසර අවසානයේ හොඳම ක්‍රීඩකයින් 100 දෙනා අතරට ඇතුළු වී ලබන වසරේ ජනවාරියේ පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියන් ඕපන් වෙත තරඟවැදීමට එමා උනන්දුවෙන් පසුවෙයි.

අවසාන වරට බ්‍රිතාන්‍යයට ප්‍රධාන ටෙනිස් ශූරතා කිරුලක් ගෙන දීමට සමත් වූයේ වර්ජිනියා වේඩ් ය. ඒ 1977 දී විම්බ්ල්ඩන් හි දීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්