නවතම පුවත්

ජී එල් අද ජගත් සංවිධානයේ විදේශ අමාත්‍ය සමුළුවට!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය සමුළුව අද ආරම්භ වන අතර  අතර, ඊට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මෙරට නියෝජිතයින් පිරිසක් සහභාගිවීමට නියමිතය .

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට  සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පෙරේදා නිව්යෝර්ක් නුවරට ලගා වුනු අතර ජනාධිපතිවරයා සහභාගී වන එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව හෙට  ආරම්භ වීමට නියමිතය .

එහි මෙවර තේමාව “කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘතුවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පන ගැන්වීම ” යන්නයි. රාජ්‍ය නායක සමුළුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන දේශණය ලබන 23වනදා පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය .

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?