BREAKING NEWSවිදෙස්

Share now!

පූර්ණ එන්නත්කරණයට භාජනය වී තිබුණ ද බ්‍රිතාන්‍ය ජාතිකයින් ඉන්දියාවට පැමිණීමේදී දින 10ක නිරෝධායන කාලසීමාවක් පැනවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ලබන සඳුදා දිනයේ සිට එම නීතීය ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව අතර නිරෝධායන නීතිරීති සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය එම තීරණයට හේතු වී ඇති බව සඳහන් වේ.

ඉන්දීයාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන බ්‍රිතාන්‍යයට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට ලක්විය යුතු බවට බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත්කර තිබුණි.

අදාළ තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව බ්‍රිතාන්‍යය රජයට විරෝධය එල්ලකර තිබූ අතර ඉන් අනතුරුව ඉන්දීය රජය බ්‍රිතාන්‍ය ජාතිකයින්ට එම නව නිරෝධායන නීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment