නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලානය සඳහා පිටත්වීමට සූදානම්

අසංක

අසංක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ලෝක කුසලාන සංචිතය ක්‍රීඩකයින් 23 දෙනෙකු තවත් හෝරා කීපයකින් පිටත්ව යනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඕමානයට එරෙහිව පුහුණු තරග 2 ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පෙර පුහුණු තරග වැදීමට නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අනුව ලෝක කුසලානය සඳහා සහභාගිවන කණ්ඩායමේ උපරිම සාමාජිකයින් සංඛ්‍යාව 15 ක් විය යුතු වුවත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තවත් අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු සංචිතයේ තබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ.

එහෙත් හදිසි ආබාධයක් හෝ අවශ්‍යතාවයක් මතුවුවහොත් විකල්ප ලෙසින් අතිරේක ක්‍රීඩකයින් පස් දෙනෙකු සංචිතයේ රඳවා ගැනීම සඳහා තේරීම් කමිටුව විසින් කරන ලද ඉල්ලීම සලකා බලා පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයින්වද ලෝක කුසලාන තරගාවලිය සඳහා රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදනු ලැබීය.

ඉන්දියාවට එරෙහිව විස්සයි-20 තරගාවලිය ජය ගත්තද දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති තරගාවලිය පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනට පිටත්ව යනු ලබන්නේ පරාජිත මානසිකත්වයකිනි. එකී පරාජයන්හි මහා පොදු සාධකයට බවට පත්වූයේ පිතිකරුවන්ගේ දුර්වලතාවයයි.

එහෙත් ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සඳහන් කර සිටියේ සිදුවූ අතපසුවීම් නිවැරදි කර ගනිමින් ලෝක කුසලාන අභියෝගය සඳහා කණ්ඩායම සූදානම්ව සිටින බවයි.

පිටත්ව යෑමට පෙර ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් දින 9 ක පුහුණු කඳවුරකට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ අතර එම දින කීපයේදී කණ්ඩායමේ සිදුවූ අතපසුවීම් පිළිබඳව අවධානය යොමු කොට විසඳුම් ලබා ගැනීමට ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණු බවද සඳහන් කර සිටියේය. ධනාත්මක ස්වරූපයෙන් ආතර් එසේ සඳහන් කර සිටියද ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගිවූ ජාත්‍යන්තර තරග 30 න් 22 ක්ම පරාජයට පත්ව තිබේ. එම පරාජයන්හි අතුරු ප්‍රතිඵලය බවට පත්වූයේ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග වටයකට ක්‍රීඩා කිරීමට සිදුවීමය.

ඒ අනුව ඕමානයට එරෙහි පළමු තරගය ඔක්තෝබර් මස 07 වැනිදාත් දෙවැන්න 09 වැනිදාත් සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙනු ඇත. අනතුරුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට සහ පැපුවා නිව්ගිනියාවට එරෙහිව ඇඟ උණුසුම් කර ගැනීමේ පුහුණු තරග 2 ට සහභාගිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතාවන් අතර පිතිකරණය ප්‍රධානම අඩුපාඩුව බව ආතර් පිළිගනීයි. ඒ පිළිබඳව ප්‍රධාන පුහුණුකරු අදහස් දක්වා සිටියේ මේ අයුරිනි. “ඇත්තටම මේ දවස් ටිකේ අපේ ක්‍රීඩකයින් ඉතාමත් වෙහෙස මහන්සි වී කටයුතු කළා. ඒ දින කීපයේදී අපිට පුහුණු තරග 3 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වුණු අතර එහිදී පන්දුවට පහර දීමේදී ඉතා හොඳ පුහුණුවක් ලබාගනු ලැබුවා” යනුවෙනි.

ආතර් සඳහන් කරන අන්දමට ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරණ අනුපිළිවෙළේ කිසියම් වෙනසක් සිදුකිරීමට අපේක්ෂාවෙන් පසුවන බවද මෙම අදහස් දැක්වීමේදී ගම්‍ය විය. “ඇත්තටම අපි පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් සිදු කිරීමට පියවර ගත් අතර එහිදී අපේ අය හරියට ලකුණු අතරට ආවොත්, ඒකෙන් අපිට හොඳ අවස්ථාවක් ලැබේවි” යනුවෙන් ආතර් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සතු ප්‍රධානම පිතිකරුවකු වන කුසල් පෙරේරා පිළිබඳවද අදහස් දක්වවමින් ආතර් සඳහන් කර සිටියේ ආබාධිත තත්ත්වයෙන් ඔහු සුවය ලබා සිටින නමුත් ඔහුට වැඩි බරක් පුහුණුවීම් වලදී ලබා නොදුන් බව සඳහන් කර සිටියේය. එහෙත් කුසල් පුහුණුවීම් සිදුකළ අවසන් දිනය වූ ඊයේ (02 වැනිදා) දිනයේ පැවැති පුහුණු තරගයට ක්‍රීඩා කළ බවද ආතර් සඳහන් කර සිටියේය. මේ හේතුවෙන් ඕමානයට එරෙහිව පැවැත්වෙන පුහුණු තරග වලදී කුසල්ව ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වනු ඇත.

කණ්ඩායමට ඇතුළත්ව සිටින වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර අයි.පී.එල්. තරගාවලියට සහභාගිව සිටින නිසා ඕමානයට එරෙහි පුහුණු තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන්ට මඟ හැරෙනු ඇත. එහෙත් තවත් ක්‍රීඩකයින් 20 දෙනෙකු සංචිතයේ පසුවෙන බැවින් තරග වැදීමේ අවස්ථාව ඔවුන්ට විවෘත වනු ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි