නවතම පුවත්

කොටස් වෙළෙඳපොළ ‌වාර්තාගත කඩඉමක් පසුකරයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ ‌කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (04) දිනයේ දී තවත් එක් ඓතිහාසික මංසළකුණක් පසුකරන ලදී. ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,500 සීමාව අද දින අභිබවා ගිය අතර දිනය අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,542.33 ක් ලෙසින් වාර්තා විය.

මේ අතර අද දිනයේ දී රු. බිලියන 3.62 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 568.93 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. මිලියන 498.22 ක් හා RIL ප්‍රොපටීස් රු. මිලියන 367.58 ක් ලෙසින් දෛනික පිරිවැටුමට වැඩිදායකත්වයක් ලබා දීමට සමාගම් අතුරින් පෙරමුණේ විය.

කොටස් වෙළෙඳපොළ වාර්තාවන්ට අනුව 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී 40.86% කින් සියලු කොටස් මිල දර්ශකය වර්ධනය වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්