නවතම පුවත්

මෙරට සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බිංදුවට වැටුණු අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ නැගිටීමක් මේ වන විට දකින්නට ඇතැයි සංචාරක සංචාරක මණ්ඩලය විශ්වාස කරයි.
ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කිසිදු සංචාරකයෙක් මෙරටට නොපැමිණි අතර දෙසැම්බරයේදී පැමිණෙන්නේද සංචාරකයින් 393 දෙනෙක් පමණි.
මෙම වසරේ ජනවාරි මාසයේදී 1,682 දක්වා එම සංචාරකයින් පිරිස වර්ධනය වන අතර පෙබරවාරි මාසයේදී එම ගණන තවදුරටත් ඉහළ යන්නේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ ගණන 3,366 දක්වාය. මාර්තු මාසයේ එම ගණන තවදුරටත් 4,581 ක් දක්වා ඉහළ ගියත් අප්‍රේල් මාසයේදී තරමක අඩුවීමක් පෙන්නුම් කරන්නේ 4,168 ක් ලෙසිණි.

අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ වර්ධනයත් සමග නැවතත් වර්ධනය වෙමින් පැවති සංචාරක කර්මාන්තය කඩාවැටෙන අතර මැයි මාසයේදී සංචාරකයින්ගේ පැමිණිම වාර්තා වන්නේ 1,497 ක් ලෙසිණි. ජුනි මාසයේදී එය සුළු ඉහළ යාමක් පෙන්නුම් කරමින් 1614 දෙනෙක් මෙරටට සංචාරකයන් ලෙස පැමිණෙන අතර ජූලි මාසයේදී එම සංකයාව තවදුරටත් වර්ධනය වන්නේ 2,429 ක් ලෙසිණි. අගෝස්තු මාසයේදී එය තවත් වර්ධනය වෙමින් පැමිණි සංචාරකයින් ගණන දැක්වෙන්නේ 5,040 ක් ලෙසිණි. සැත්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන සැලකිය යුතු ලෙස ඉහළ යන අතර සංචාරක මන්ඩලයේ දත්තයන්ට අනුව එම ගණන 13,547 කි.
සංචාරක අමාත්‍යාංශයේ සැළසුම වී ඇත්තේ ලබන ජනවාරියේ සිට දිනකට සංචාරකයින් 5,000 ක් මෙරටට ගෙන්වා ගැනීමටය. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක්ද මේ වන විටත් දියත්කරමින් ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරක යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක කරමිනි. සැත්තැම්බර් මාසයේ සංචාරකයින්ගේ පැමිණිම මේ තරමට හෝ ඉහළ යාමට බලපා අැතැයි සදහන් වන්නේ එම ප්‍රචාරක යාන්ත්‍රණයයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී