BREAKING NEWSවිදෙස්

Share now!

නෝර්වේ රාජ්‍යයේ සිදුවූ දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

දුනු ඊතල ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට ඩෙන්මාර්ක් ජාතික තිස්හත් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.

එරට අගනුවර වන ඔස්ලෝ හි නිරිතදිග කොන්ග්ස්බර්ග් ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය සිදු වී තිබුණි.

පොලීසිය සැක කරන්නේ මෙම පුද්ගලයා විසින් පමණක් අදාල ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

දුනු ඊතල ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සේවයෙන් බැහැරව සිටි පොලිස් නිලධාරියෙකු ද වෙයි.

සාක්ෂි ලබා ගැනීම සහ විමර්ශනය ක්‍රියාත්මක වන තෙක් එම ප්‍රදේශයේ ජනතාවට නිවසටම වී සිටින ලෙස එරට පොලිසිය නියෝග කර තිබේ.

16 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment