BREAKING NEWSCorona Live Update

Share now!

ඔක්තෝම්බර් මස 21 වෙනිදා දක්වා දැනට ක්‍රියාත්මක කර ඇති පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙ. ඒ අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදීය.

ලබන ඔක්තෝම්බර් මස 19 සහ 20 යන දිනවලදී යෙදී ඇති නිවාඩු දිනයන් සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වල ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීම්වලට ලක් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යනය කළ යුතු බවත්, තවදුරටත් රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකර අදාළ ස්ථාන හුදෙකලා කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment