BREAKING NEWSවිදෙස්

Share now!

චීන බලධාරීන්ගේ ඉල්ලීමක් මත ලොව ජනප්‍රිය වූ කුරාන් භාවිත මෘදුකාංගයක් (ඇප්) එකක් ඇපල් සමාගම විසින් චීනය වෙත ඉවත් කර තිබේ.

ලොව පුරා අතිශය ජනප්‍රිය ඇප් එකක් වන අල් කුර්ආන් මජීඩ් ඇප එක Apple Store වෙතින් මෙලෙස ඉවත් කර ඇත.

එයට reviews 150,000 කට ආසන්න ප්‍රමාණයක් තිබූ අතර එය මිලියන ගණනක් මුස්ලිම්වරුන් විසින් භාවිතා කරනු ලැබූවකි.

මෙම යෙදුම ඉවත් කර ඇත්තේ නීති විරෝධී ආගමික අන්තර්ගතයන් ඇතුළත් වීම නිසා බව බීබීසීය පවසයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දැක්වීමට බීබීසී කළ ඉල්ලීමට චීන රජය ප්‍රතිචාර දක්වා නැත.

මෙම ඇප් එක මකා දැමීම මුලින්ම දුටුවේ ගෝලීය වශයෙන් ඇපල් හි App Store යෙදුම් අධීක්ෂණය කරන වෙබ් අඩවියක් වන Apple Censorship විසිනි.

යෙදුමේ නිෂ්පාදකයා වන පීඩීඑම්එස් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ: ‘ඇපල් සමාගමට අනුව, අපේ යෙදුම වන කුරාන් මජීඩ් චීන යෙදුම් ඇප් වෙළඳසැලෙන් ඉවත් කර ඇත්තේ එහි නීති විරෝධී අන්තර්ගතය ඇතුළත් බැවිනි.’ යනුවෙනි.

‘මෙම ගැටළුව විසඳීම සඳහා අපි චීනයේ සයිබර් අවකාශ පරිපාලනය සහ අදාළ චීන බලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරමු.’ යනුවෙන් ද එහි පවසා ඇත.

චීනයේ පමණක් මෙම ඇප් එකෙහි පරිශීලකයින් මිලියන 10 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව ඇපල් සමාගම පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂය නිල වශයෙන් ඉස්ලාමය ආගමක් ලෙස පිළිගනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment