නවතම පුවත්

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

අසංක

අසංක

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (17) වැනිදා නිල වශයෙන්
එය එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවල සත්කාරකත්වයෙන් රටවල් 16 කගේ සහභාගිත්වයෙන් ආරම්භ වේ.

ලෝක කුසලාන ක්‍රිකට් විස්සයි-20 තරග අතර වැඩිම තරග සංඛ්‍යාවක් දිනා සිටින කණ්ඩායම බවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් මස 18 වැනිදා නැමීබියාවට එරෙහිව මංගල සටන දියත් කරනු ඇත.

නොවැම්බර් මස 14 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 45 කින් සමන්විත මෙවර ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන ඕමානය සමාරම්භක තරගයේදී පැපුවා නිව්ගිනියාව මුණ ගැසෙනු ඇත. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය යටතේ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයන් තරග වදින අතර එහිදී ඔක්තෝබර් 20 වැනිදා අයර්ලන්තයට එරෙහිවද 22 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවද තරග වදිනු ඇත.

සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් අනතුරුව පැවැත්වෙන සුපිරි කණ්ඩායම් 12 දෙනා අතර තරග වටයට පිවිසීමට නම් අනිද්දායින් ඇරඹෙන සුදුසුකම් ලැබීමේ වටයේ තරග 3 න් 2 ක් ශ්‍රී ලංකාව ජය ගත යුතු වේ. ඉන් පළමු ස්ථානයට පත් වන කණ්ඩායම සුපරි කණ්ඩායම් 12 අතර තරග වටයේ ‘ඒ’ කාණ්ඩයටද දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම ‘බී’ කාණ්ඩයටද තේරී පත්වනු ඇත.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ 7 වැනි ලෝක කුසලාන තරගාවලිය ලෙසින් අද ආරම්භ වන තරගාවලියේ සුපිරි කණ්ඩායම් අතර තරග වටය යටතේ කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වන සේ ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වේ. එම තරග වටය අවසානයේ කාණ්ඩ අතර පෙරමුණ ගනු ලබන කණ්ඩායම් යුගලය තෙවැනි තරග වටය වන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

ජගත් ක්‍රිකට් කවුන්සිල ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටිමින් මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් අතර ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල ‘ඒ’ කාණ්ඩයෙන්ද ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය සහ බංග්ලාදේශය බී කාණ්ඩයෙන්ද සුපිරි කණ්ඩායම් 12 තරග වටය යටතේ තරග වදිති.

ශූරයින් බවට පත්වන කණ්ඩායමට ඇමරිකන් ඩොලර් ලක්ෂ 16 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 32 කට ආසන්න මුදලක් හිමිවන අතර අනුශූරයින්ට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 16 ක් පිරිනැමෙනු ඇත. මීට අමතරව අවසන් කණ්ඩායමට 4 අතරට පිවිසෙන කණ්ඩායම් දෙකට ඇමරිකන් ඩොලර් ලක්ෂ 4 බැගින් පිරිනැමෙන අතර සෑම වටයකම සිදුවන තරග නියෝජනයේදී වෙන් වෙන් මුදල් ත්‍යාග පිරිනැමීමට අයි.සී.සී. ය පියවර ගෙන තිබේ.

මෙතෙක් පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි වලදී වැඩිම වාර ගණනක් ශූරයින් බවට කිරුළු පළඳා ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වන අතර ඔවුන් 2012 දී සහ 2016 දි ශූරතා දිනාගැනීමට සමත්විය. සෙසු කණ්ඩායම් අතර පිළිවෙළින් ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එංගලන්තය ශුරතාව බැගින් දිනා ඇත. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාව දිනා ගන්නා ලලද 2014 වසරට අමතරව තවත් අවස්ථා දෙකකදී අවසන් මහ තරග වරම් දිනා ගනිමින් අනුශූරතාවයට පත්ව සිටීමයි. එබැවින් පූර්විකාවේ සඳහන් කළාක් මෙන් ලෝක කුසලාන තරග 35 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 22 ක් ජය ගනිමින් මෙතෙක් වැඩිම ජයග්‍රහණය සංඛ්‍යාවක් වාර්තා කර සිටින කණ්ඩායම බවට පත්ව සිටියි.

දසුන් ශානකගේ නායකත්වය යටතේ මෙවර තරගාවලියට අවතීර්ණව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පිටත්වීමට මත්තෙන් ඕමානය සමඟ එක්දින තරග 2 කට සහභාගිවිය. එම තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකාවේදීද දින 7 ක නේවාසික පුහුණු සැසියකට සහභාගිවූවේය. ඕමානයට එරෙහි තරග 2 ද ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර පුහුණු තරග ලෙසින් ලැබුණු බංග්ලාදේශයට එරෙහිව සහ පැපුවා නිව්ගිනියාවට එරෙහිව ලැබුණු තරග 2 ම ජය ගනිමින් ලෝක කුසලාන තරගාවලියට මුහුණ දීමට ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවෙයි.

 

 

-SLC

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී