නවතම පුවත්

25දා සිට වැඩ වර්ජනය නිම කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකඟවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (18) තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ලබන 25 වැනිදා සිට තමන් පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.

වැටුප් විෂමතාව විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 99 ක් ගත වී තිබේ.

එවන් පසුබිමකදී එළඹෙන 21 වැනිදා සිට සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මේවන විටත් තීරණය කර අවසන්ය.

ඒ අනුව 21 වැනිදා පාසල් ආරම්භ වීමත් සමග ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන්,මෙසේ පැවසූහ

“ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කළා පැහැදිලි තීරණයක් ගත්තා, රජය විසින් මේ බලධාරීන් විසින් කැඳවන දිනයක් වු 21 හා 22 වනදා සිසුන් 200කට අඩු පාසල්වල සේවය කරන ගුරු සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ ක්‍රියාමාර්ගයක්. හැබැයි අපි ආරාධනා කරනවා ගෞරවයෙන්, අපේ විදුහල්පතිතුමන්ලා ට ගුරුභවතුන්ට 25 වනදා පාසලට වාර්තා කරලා, ඔබේ ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉතාමත් ම කඩිනමින් සිදුකරලා මේ රටේ දරුවන්ගේ අනාගතය පාදන්න කියලා. ඒත් එක්කම මේ රටේ පාලකයෝ හිතනවා නම්, පොලිස් ඇමතිවරයා හිතනවා නම් ඔවුන්ගේ ඉල්ලීමට නෙමෙයි අපි පාසල් අරින්නේ. ඒ නිසා අපි පාසල් අරිනවා, අපි පාසල් එනවා. ඇවිල්ලා අපි සක්‍රීයව වැඩ කරනවා. හැබැයි එතැනින් නවතින්නේ නෑ. අපේ පළමු පියවර අමාත්‍ය අනුකමිටුව විසින් නිර්දේශ කරන ලද වැටුප් පියවරයන් එක පියවරක් ලෙස එකවර ගෙවන්න. ඒ වගේම සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කරන්න. ඒ දක්වා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදෙමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල යෙදෙනවා කියන එක මේ රටේ පාලකයින් ට කියන්න ඕනේ. “

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි