නවතම පුවත්

ඇමෙරිකාව, කොවිඩ් එන්නත් මිලියන 15ක්, ඉවත දමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කල් ඉකුත්වීම නිසා , එන්නත් මාත්‍රා මිලියන ගණනක් ඉවත දැමීමට ඇමෙරිකාව පියවර ගෙන ඇති බව වාර්තාවේ .

ඒ අනුව , ගෙවුනු මාර්තු සහ සැප්තැම්බර් අතර කාලයේදී කෝවිඩ් වැක්සින් මාත්‍රා මිලියන 15 ක් පමණ ඉවත දමා ඇති බව ඇමරිකානු රෝග නිවාරණ මධ්‍යස්ථානයේ (CDC) නිල දත්තවලින් හෙළි වේ.

තවත් විමර්ශනයකින් හෙළි වී තිබෙන්නේ දෙසැම්බර් සහ ජූලි කාලය තුළ ජනපද 10 කදී කල් ඉකුත් වූ වැක්සින් මාත්‍රා මිලියනයක් විසි කර දමා තිබෙන බවයි.

කෙසේ වෙතත් ඇමෙරිකාව මෙසේ එන්නත් ඉවත දමන්නේ , ලොව පුරා රැසකම තවමත් කොවිඩ් එන්නත් හිඟයක් පවතින කාලසීමාවක වීම විශේෂත්වයකි .

පමණට වඩා එන්නත් ප්‍රමාණයක් රට තුල ගබඩා කරගැනීම නිසා ඇමෙරිකාව තුල මෙවැනි තත්වයක් මතුව ඇති බවටද  මාධ්‍ය මෙහිදී චෝදනා කර ඇත .

මෙසේ එන්නත් අපතේ යැවීම , එන්නත් හිඟ රටවල්වලට කලට අසාධාරණයක් බවද ජාත්‍යන්තර මාධ්‍ය රැසක් චෝදනා නගා ඇත

ලෝකය  තුළ තවමත් දැඩි වැක්සින් හිඟයක් පවතින අතර . මිලියන ගණනක ලෝක ජනතාවක් තවමත් පළමු වැක්සින් මාත්‍රාව හෝ ලබාගෙන නැත.

ජූලි මාසය වන විට ලෝකයේ අඩු ආදායම් ලාභී රටවලින් පළමු වැක්සින් මාත්‍රාව ලබාගැනීමට සමත් වී තිබුණේ ජනගහනයෙන් 1%ක ප්‍රමාණයක් පමණි. නමුත් ඉහළ ආදායම් රටවල මේ ප්‍රමාණය ඒ වන විට 50%ද ඉක්මවා ගොස් තිබිණි.

ඇමරිකාවේ වැක්සින් ගොඩ ගසාගෙන සිට පසුව ඒවා විසි කර දැමීමට කටයුතු කළ ෆාමසි ජාලයන් කිහිපයක් ගැන ද වාර්තා වේ. මේ අනුව Walgreens, CVS, Walmart සහ Rite Aid ෆාමසි ජාල විසින් මේ වන විට වැක්සින් මාත්‍රා මිලියන 7.6 ක් පමණ විසි කර දමා තිබේ.

 

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි