නවතම පුවත්

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂි නිෂ්පාදනවලට ලෝකෙ තියෙන තැන

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට ඔවුන්ගේ සාම්ප්‍රදායික රසායනික නිෂ්පාදනයේ නිරත වන ගොවීන්ට වඩා ඉහළ ප්‍රතිලාභ ලබන බව ජගත් සංවිධානයේ ආහාර හා කෘෂිකර්මාන්ත පිළිබඳ නවතම දත්ත වාර්තාවකින් අනාවරණය වෙයි.

‘කාබනික කෘෂිකාර්මික ලෝකය- 2021’ වාර්තාවේ සංඛ්‍යාලේඛන හා නැගී එන ප්‍රවණතා පිළිබඳ දත්ත විශ්ලේෂණය මගින් මේ බව පැහැදිලි වෙයි.

කාබනික නිෂ්පාදන ගොවීන් රසායනික නිෂ්පාදන ගොවීන්ට වඩා නැඩි ප්‍රතිලාභයක් ලැබීමට හේතුවී ඇත්තේ රසායනික ද්‍රව්‍ය වලින් තොර සහ ජානමය වශයෙන් වෙනස් කළ ද්‍රව්‍යවලට වඩා කාබනික ආහාර නිෂ්පාදන සඳහා සියයට 30ක් අමතරව ගෙවා මිලදී ගැනීමට පාරිභෝගිකයින් සූදානම් වීම බව එම වාර්තාවේ දැක්වේ.

දෙස් විදෙස් වෙළෙඳපොළ තුළ කාබනික නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවතී.

ශ්‍රී ලංකාව, කාබනික නිෂ්පාදන බවට සහතික කළ තේ සහ කුරුඳු ලෝක වෙළඳපොලට හඳුන්වා දෙමින් ආසියාතික කලාපයේ පුරෝගාමියෙකු ලෙස ද සැලකෙන බව එම වාර්තා පෙන්වා දෙයි.

මේ වන විට ශ්‍රී ලංකාව ලංකා කාබනික හරිත තේ නිෂ්පාදනය ඉහළ නංවා තිබේ. ලොව පුරා කාබනික පොල් නිෂ්පාදන සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවේ පොල් ගොවීන් කාබනික පොල් වගාවන් කෙරෙහි ද අවධානය යොමු කර තිබේ.

තේ, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, සාදික්කා, කුරුඳු සහ ඉඟුරු, අල සහ එලවළු, කෝපි, කොකෝවා, අන්නාසි, පැපොල්, කෙසෙල්, දෙහි සහ අඹ, යුෂ වැනි නිෂ්පාදන මෙන්ම සහල්, කජුවලින් සැකසූ නිෂ්පාදන සහ කිතුල් පැණි, හකුරු සහ මී පැණිවලින් සැකසූ නිෂ්පාදන වැනි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ කාබනික නිෂ්පාදන වේ.

 

2019 වනවිට ආසියාවේ කාබනික කෘෂිකර්මාන්තය තුළ විශාලතම කාබනික වගා ප්‍රදේශ සහිත රටවල් දහය පහත දැක්වේ. (හෙක්ටාරවලින් දක්වා ඇත.)

ආසියාවේ කාබනික කෘෂිකර්මාන්තය

මූලාශ්‍රය: FiBL සමීක්ෂණය 2021

 

කාබනික කටයුතු සඳහා සම්බන්ධ වී සිටින කාබනික කෘෂිකර්මාන්තය සඳහා වූ විශිෂ්ඨතා මධ්‍යස්ථානය විසින් කෘෂිකාර්මික පර්යේෂණ, ව්‍යාප්තිය සහ සංවර්ධනය තිරසාර කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධ කරන ලද අතර එමඟින් තාක්‍ෂණයන්, උසස් තත්ත්වයේ කාබනික පොහොර සහ අනෙකුත් යෙදවුම්, පීජීඑස් සහ කාබනික සහතික කිරීම් වැඩි දියුණු කිරීම අරමුණු කර කටයුතු කරයි.

කාබනික ගම්මාන පිහිටුවීම හා ප්‍රවර්‍ධනය කිරීම, කාන්තා ගොවීන් ඉලක්ක කර ගනිමින් කාබනික වගාවන් ආරම්භ කිරීම, ගම් මට්ටමේ වෙලඳපොලවල් සහ මහා පරිමාණ වෙළඳපොල දාමයන් සහිත වෙළඳපල කිහිපයක් සංවර්ධනය කිරීම PGS සහතිකය ලබාදීම සිදුවේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යනු කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්‍ධනය කිරීම, අපනයන වෙළෙඳපොළ පහසුකම් හා පුහුණුව සැපයීම මෙන්ම කාබනික නිෂ්පාදන, කොම්පෝස්ට් සහ දියර පොහොර සඳහා ගුණාත්මක ප්‍රමිති සැකසීම සම්බන්ධ ප්‍රධාන ආයතන දෙකකි.

සමස්තයක් වශයෙන් ආසියා කලාපයේ වැඩිම කාබනික කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයක් හිමි රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇත.

මූලාශ්‍රය: FiBL සමීක්ෂණය

 

2019 වනවිට ලොව පුරා හෙක්ටයාර මිලියන 72.3 ක් කාබනික කෘෂිකාර්මික කළමනාකරණය යටතේ පැවතුනි. වඩාත්ම කාබනික කෘෂිකාර්මික ඉඩම් ඇති කලාපය ඕස්ට්‍රේලියා කලාපය වන අතර එහි මිලියන 35.9 කි. හෙක්ටයාර, යුරෝපය හෙක්ටයාර මිලියන 16.5 ක්, ලතින් ඇමරිකාව හෙක්ටයාර මිලියන 8.3 , ආසියාව හෙක්ටයාර මිලියන 5.9, උතුරු ඇමරිකාව හෙක්ටයාර මිලියන 3.6 සහ අප්‍රිකාව හෙක්ටයාර මිලියන 2.0ක් ආදී වේ.

ගෝලීය නැවුම් එළවළු වගා භූමිි ප්‍රදේශයෙන් හෙක්ටයාර 433000 ක් හෝ සියයට 0.7% ක් කාබනික කළමනාකරණය යටතේ පැවතුනි.

 

FiBL යනු ස්විට්සර්ලන්තය, ජර්මනිය, ඔස්ට්‍රියාව, ප්‍රංශය සහ යුරෝපයේ පර්යේෂණායතන පද්නම් කරගත් වසර 48ක් තිස්සේ ලොව ප්‍රමුුඛ පෙළේ කාබනික කෘෂිකාර්මික කටයුතු පිළිබද පර්යේෂණ හා දත්ත එක්රැස් කරනු ලබන සමීක්ෂණ ආයතනයකි. මෙම දත්ත රැස්කිරීම ඒඒ රටවල රජය, පෞද්ගලික අංශය සහ ඔවුන්ගේ සමීක්ෂකයන් ඔස්සේ ද රැස්කරගනු ලබයි.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි