නවතම පුවත්

ලෝක ජනගහනයෙන් බාගයක්ම සමාජ ජාලයේ

අසංක

අසංක

වර්තමානයේදී තොරතුරු තාක්‍ෂණය අපගේ ජීවිතයේ ප්‍රධාන අංගයක් ලෙස ගැඹුරට මුල් බැසගෙන තිබේ. පුද්ගලික අවශ්‍යතා සිට ව්‍යාපාරික කටයුතු දක්වා එය නොමැතිව ජීවිතය ගැන සිතීම දුෂ්කර ය. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් ලෝකය වෙලාගත් දා සිට ඩිජිටල් තාක්ෂණය අන් කවරදාටත් වඩා අපගේ ජීවිතවලට බද්ධ වී තිබේ.

වේගවත්, ලාභදායී ඩිජිටල් තාක්‍ෂණයන් ඇදහිය නොහැකි සමාජ හා ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබා දේ. ඒ අතරම, අපගේ ජීවිතයේ අංග ඩිජිටල්කරණය කිරීමේදී දන්නා සහ නොදන්නා විවිධ මූලාශ්‍රවලින් නව අවදානම් රාශියක් ඇති කිරීමේ වේගය ද වැඩි වෙමින් පවතී.

කෙසේවෙතත් ගෝලීය ඩිජිටල් දළ විශ්ලේෂණයේ නවතම වාර්තාවට අනුව 2021 ජනවාරි මාසය වනවි‍ට ලොව පුරා 7.83ක් වූ සමස්ත ජනගහනයෙන් බාගකටත් වඩා එනම් බිලියන 4.66 ක ජනතාවක් අන්තර්ජාලය භාවිතයට පෙළඹී සිටී. එය සමස්ත ගෝලීය ජනගහනයෙන් 59.5% ක ප්‍රතිශතයකි. එය පසුගිය වසරේ මෙම කාලයට වඩා මිලියන 316 කින් (සියයට 7.3) වැඩිවීමකි.

ලෝක ජනගහනයෙන් බිලියන 5.22ක් ජංගම දුරකතන භාවිත කරයි.

එමෙන්ම මේ වසරේ ජනවාරි මාසය වනවිට සමාජ ජාලයේ සක්‍රියව සිටින සංඛ්‍යාව බිලියන 4.20කි. මෙම අගය පසුගිය මාස 12 තුළ මිලියන 490කින් වර්ධනය වී ඇත. එය වසරින් වසර 13%කට වඩා වැඩියෙන් වර්ධනයක් වන බව එම වාර්තාවේ දැක්වේ. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මේ වන විට ලෝක ජනගහනයෙන් 53%කට වඩා සමාන වේ.

2020 වසරේ ජනවාරි මාසය වනවිට පැවති ලෝක ජනගහනයට වඩා මේ වසරේ ජනවාරි වනවිට මිලියන 81කින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම එම වසරක කාලය තුළ ලොව පුරා ජංගම දුරකතන භාවිත කරන්නන් මිලියන 93කින් ඉහළ ගොස් ඇත. අන්තර්ජාල භාවිතය අතිවිශාල වර්ධනයක් පෙන්නුම් කරමින් මිලියන 316කින් ඉහළ ගොස් තිබේ. එම වසර තුළදී වැඩිම වර්ධනයක් පෙන්වා ඇත්තේ සමාජ ජාලයට එක්වූ ක්‍රියාකාරිකයින් ය. වසරක් තුළ සමාජ ජාලයට එක්වූ සක්‍රිය සාමාජිකයන් ගණන මිලියන 490කට අධික ය.

මේ වසරේ ජනවාරි මාසය වනවිට ලොව වෙසෙන අවුරු 16ත් 64ත් අතර අයගෙන් 97.1% කට කුමන හෝ ජංගම දුරකතනයක් තිබේ. ඉන් 96.6%ක්ම ස්මාර්ට් ෆෝ්න් ඇති අය බව ගෝලීය ඩිජිටල් දත්ත විශ්ලේෂණ වාර්තාවේ දැක්වේ. ඒ අනුව ස්මාර්ට් නොවන ජංගම දුරකතන භාවිත කරනුයේ 9%ක් පමණි. එම වයස් ඛාණ්ඩය තුළ 64.4%කට ලැප්ටොප් පරිගණයක් ඇති අතර 34.3%කට ටැබ් එකක් ඇතැයි එම වාර්තාව පවසයි.

පහත සටහනේ දැක්වෙන්නේ මේ වසරේ ජනවාරි මාසය වනවිට ලෝක ජනගහනයෙන් අවුරුදු 16ත් 64ත් අතර වයස් ඛාණ්ඩයේ පසුවන්නන් විසින් අන්තර්ජාලය හෝ ඒ හා බැඳුණු මාධ්‍යයක් භාවිත කරන කාලය ගණනය කිරීමකි. දෛනිකව ඕනෑම උපාංගයකින් එම මාධ්‍යයන් භාවිත කරන්නන් මෙහිදී සළකා බලා ඇත. ඒ අනුව දිනකට අනන්තර්ජාලය භාවිත කරන කාලය අවම වශයෙන් පැය 6යි මිනිත්තු 54ක් බව පැවසේ. රූපවාහිනී හෝ සජීවී රූපවාහිනී නාළිකා නරඹන කාලය දිනකට අවම පැය 3 යි මිනිත්තු 24කි. අඩුම තරමින් දිනකට පැය 2යි මිනිත්තු 25ක් හෝ ජනතාව සමාජ ජාලයේ ගතකරන බවට පෙනීගොස් ඇත. ඔන්ලයින් පුවත් බලන කාලය දිනකට පැය 2ක් බව කියයි.

මේ වසර මුල් භාගය වනවිට අන්තර්ජාලය භාවිත කරන සමස්ත ජනගහනයෙන් 92.6%ක්ම එය භාවිත කරන්නේ ස්මාර්ට්ෆෝන්, ටැබ්, ස්මාර්ට්වොච් ආදි ජංගම උපකරණයක් මගිනි.

ගෝලීය ඩිජිටල් දළ විශ්ලේෂණය 2021 නවතම වාර්තාවට අනුව කලාපීය වශයෙන් ගත්කළ ඒ ඒ කලාප තුළ සමස්ත ජනගහනයෙන් කෙතරම් ප්‍රතිශතයක් අන්තර්ජාලය භාවිත කරනවාද යන්න පහත සිතියමේ දක්වා ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී