නවතම පුවත්

ඩොලර් හිඟය පියවන ක්‍රමය රමේෂ් පතිරණ හෙළිකරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ඩොලර් හිඟයට පිළියමක් ලෙස විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටී .

අද (26) උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි මහතා මෙරට සංචාරයක කිරීමේ අරමුණ කුමක් දැයි මාධ්‍යවේදියෙක් කළ විමසීමක දී අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

අදානි මහතා මෙරටට පැමිණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බව ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ අමාත්‍යවරයා,මෙසේද පැවසීය

“මේ සංචාරය පෞද්ගලික සංචාරයක් හැටියට තමයි වාර්තා වෙන්නේ. එම සංචාරය තුළ දී ලංකාවේ තියෙන ආයෝජන අවස්ථා පිළිබඳව අදාළ සමාගම කරුණු විමසන බව අපට වාර්තා වෙලා තියෙනවා. දැනටමත් ඔබ දන්නා පරිදි බටහිර ජැටිය ඉදිකිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත පළ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශනය කිරීම ඇතුළු කරුණු, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ඇති අවස්ථාවන් විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණියා වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් දැනට නිකුත් වෙලා නෑ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති කිරීමට කටයුතු කිරීම රජයේ වගකීමක්. ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. අප මුහුණදෙන ඩොලර් හිඟයට පිළියමක් හැටියටත් රටේ සංවර්ධනය සඳහා එවැනි අයෝජන රටට කැඳවාගෙන ඒම විශේෂ කාරණයක්. ශ්‍රී ලංකාව දැනට පවතින තත්ත්වයන් යටතේ ලෝකයේ රටවල් රාශියක් සමඟ සැසඳීමේ දී අයෝජකයින් අඩුවෙන් එන රටක්. ඒ තත්ත්වය හොඳ තත්ත්වයට පරිවර්තනය කරගෙන මේ රටට ආයෝජකයින් කැඳවා ගැනීමට අවශ්‍ය පසුතලය පහසුකම් නිර්මාණය කිරීමත් රජයක වගකීමක් හැටියට අපි සලකනවා.”

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී