Share now!


පැතුම් වික්‍රමරත්න

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව පසුගියදා  (25) දිනයේ යලි ඉහල යාමක් පෙන්නුම් කල බවත් , ඒ පිළිබඳව කිසිසේත්ම  සැහැල්ලුවෙන් සිතිය නොහැකි බවත්  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි.

මෙසේ මරණ සංඛ්‍යාව ඉහල යාම , ඉදිරිය පිළිබඳව අපට ලබාදෙන  යම් ඉඟියක් විය හැකි බවත් ඒ අනුව මේ මොහොතේ වඩාත් ආරක්‍ෂාකාරීව , සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බවත් ඒ මහතා පැවසීය .

ඊයේ වාර්තා වූ පරිදි පෙරේදා (26) දිනයේ කොවිඩ් මරණ 14ක් සිදුවී ඇතත් කොවිඩ් මරණ සංඛ්‍යාවේ ඉහල යාමක් පෙන්නුම් කිරීම පිළිබඳව නිශ්චිතව යමක් ප්‍රකාශ කිරීමට මේ මොහොතේ හැකියාවක් නොමැති නමුත් ඒ ගැන දැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment