BREAKING NEWSExpress Gossipවීඩියෝ

Share now!

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු සිදුවීම් මාලාව පිලිබඳ තම කණගාටුව පළකරමින් ශ්‍රී ලාංකික හොලිවුඩ් නිලි ජැක්ලයින් ෆර්නන්ඩස් සමාජ මාධ්‍ය හරහා නිකුත් කර ඇති නවතම සංවේදී වීඩියෝව ලොව පුරා වෙසෙන අගේ රසික රසිකාවියන්ගේ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය වලද දැඩි අවධානයට ලක්ව ඇත.

විපතට පත්ව ඇති ශ්‍රී ලාංකික ජනතාවට සහයෝගය හා උපකාර ලබාදීමට තමා හැකි පමණින් උත්සාහ ගනිමින් සිටින බවත් , තම උත්සාහයන්ට සහය ලබාදීමට ජාති ආගම් භේද අමතක කර දමා තමා සමග එකතුවන ලෙස සියලුදෙනාට අරාධනා කරන බවත් ජැක්ලයින් ෆර්නන්ඩස් මෙහිදී අවධාරණය කර ඇත.

මේ අවස්ථාවේ බෙදී වෙන්ව නොයා එකමුතුව සිටින ලෙස ශ්‍රී ලංකිකයින්ගෙන්ද ඉල්ලා සිටින බවද ජැක්ලයින් ෆර්නන්ඩස් තම වීඩියෝවේ සඳහන් කර ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment