නවතම පුවත්

මෙවර අයවැයෙන් දුම්වැටි මිල ඉහළ යයිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සකස් කරන ලද දුම්වැටි සඳහා වන මිල සූත්‍රයට අනුව එළඹෙන අයවැයෙන් පසු දුම් වැටියක මිල අනිවාර්යයෙන්ම ඉහළ යනු ඇතැයි එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා අපේක්ෂා කරයි .

, අද (04) මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙවැනි මිල වැඩිවීමක් සිදුවනු ඇති බවට තම අධිකාරිය තරයේ විශ්වාස කරන බවයි .

ඉතිහාසයේ ප්‍රථම වරට දුම් වැටි මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සඳහා මෙලෙස මිල සූත්‍රයක් සකස් කර තිබෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙන බවයි සභාපතිවරයා පැවසුවේ.

ඒ අනුව මෙම අයවැයෙන් පසු දුම් වැටියක මිල රු.4කින් 5කින් වැඩි වන අතර තව වසර 5ක් පමණ වන විට රු. 20කට වැඩි ප්‍රමාණයකින් දුම්වැටියේ මිල ඉහළ යන බවයි ඔහු සඳහන් කළේ.

ලංකාව තුළ දුම් වැටි භාවිතය නිසා දිනකට 60ක පමණ පිරිසක් මිය යන අතර වසරකට එය 22000ක් පමණ වන බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මෙවැනි තීන්දුවකට පැමිණි බව රාජපක්ෂ මහතා පැවසුවා.

”මම විශ්වාස කරනවා රටේ දිළිඳු බව වැඩිවෙන්න දුම්වැටිය හේතුවක් කියල. මිල සුත්‍රයෙන් ලංකා ආණ්ඩුවට වැඩි ප්‍රතිශතයක් බදු ලෙස එකතු වෙනවා.
දුම්කොළ සමගම දැඩි ප්‍රයත්නයක දරනවා මේ මිල සුත්‍රය හකුලවන්න.” යනුවෙන් සභාපතිවරයා කියාසිටියා.

දුම්වැටි වෙළඳපොලේ නොමැති බවත් දුම්වැටි වල මිල ඉහළ යාම දැනගෙන වෙළඳුන් විසින් දුම්වැටි සඟවා ඇති බවත් ඔහු කියා සිටියා.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී