නවතම පුවත්

එළඹෙන 09 දා සිට රට පුරා උද්ඝෝෂණ රැල්ලක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන 09 වැනිදා රටේ සියලුම වැඩ බිම් වල ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාළ ගැටළු මුල්කරගෙන උද්ඝෝෂණ පැවැත්වීමට නියමිත බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝශප් ස්ටාලින් මහතා අවධාරණයේ කළේය.

ඒ, අද (04) වෘත්තිය් සමිති විසින් කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවේදීය.

එමෙන්ම එදින පස්වරුවේ ලිප්ටන් වටරවුමට සියලු වෘත්තීය සමිති නායකයින් කැඳවන බවද ස්ටාලින් මහතා සඳහන් කළේය.

ඒ, ගුරු විදුහල්පති අරගලය සම්බන්ධයෙන් අදහස් ගැනීමට හා එය ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස් ගැනීමටය.

අයවැයෙන් සහ අයවැයෙන් පසු පවතින මෙම ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකින් එහාට ගොස් සියලුම වෘත්තීය සමිතිවල සහයෙන් තවදුරටත් අරගලය ශක්තිමත් කරන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

මේ අතර තෙල්,විදුලිය,වරාය වෘත්ති සමිති විසින් ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලටද ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සහය හිමි වන බවයි ස්ටාලින් මහතා පැවසුවේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?