නවතම පුවත්

එන්නත් මාත්‍රා දෙකම ගත් 700ක් කොරෝනාවෙන් මියගිහින්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත් මාත්‍රා  දෙකම ලබාගත් 700කට අධික පිරිසක් කොවිඩ් රෝගය හේතුවෙන් මියගොස් ඇති බව  මෙරට තුල සිදුකල විශේෂ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත .

මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ, නේවාසික ශ්වසන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ආශා සමරණායක මහත්මිය සඳහන් කර සිටියේ, එම සමීක්ෂණය සැප්තැම්බර් මාසය දක්වා මෙරට සිදුවු සමස්ත කොවිඩ් මරණ ආශ්‍රයෙන් සිදුකළ බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරිය,මෙසේද පැවසීය

“11”699ක් මරණ සමීක්ෂණය කරලා තිබුණා සැප්තැම්බර් මාසයේ මැද. එයින් 714ක් ම එන්නත් දෙකම ලබාගත් අය. ප්‍රතිශතයක් විදියට 6.01%ක්. ඇයි මෙහෙම වෙන්නේ ඒ අයට, අධි අවදානම් ප්‍රශ්න තිබුණා. බෝ නොවන රෝග තියෙන අය එන්නත් ගත්තත් සමහර විට අමාරු වෙලා හිටියා.”

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (03) දිනයේ පුද්ගලයින් 80,000කට ආසන්න පිරිසක් සඳහා එන්නත්කරණය සිදුකර තිබේ.

ඒ යටතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 47,089 දෙනෙකු සඳහාත් දෙවන මාත්‍රාව 19,891 දෙනෙකු සඳහාත් ලබාදී ඇති අතර තෙවන මාත්‍රාව ද පුද්ගලයින් 12,817 දෙනෙකු සඳහා ඊයේ දිනයේ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ සම්පූර්ණ කළ පුද්ගලයින් සංඛ්‍යාව 13,521,066 දෙනෙකු වේ.

එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 15,718,509ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ දිනය වන විට තෙවන මාත්‍රාව ද පුද්ගලයින් 21,924 දෙනෙකු සඳහා ලබාදී තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි