නවතම පුවත්

‘නව මාධ්‍ය ‘ හරහා ශ්‍රී ලංකාවට මිලියන 23ක ප්‍රචාරණයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තරව ඉමහත් ජනප්‍රියතාවයක් හිමිකරගත් සංචාරක යු ටියුබ් චැනල් ක්‍රියාකාරීන් , සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා ජනමාධ්‍යවේදීන්ට මෙරටට ආරාධනය කර  පහසුකම් සැපයීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා සංචරණය විසින් පසුගියදා දියත් කල අතර ඒ හරහා රුපියල් මිලියන 23කට අධික වටිනාකමකින් යුත් ප්‍රචාරණයක් මෙරටට හිමිවනු ඇති බවට ගණන් බලා ඇත .

ශ්‍රී ලංකා සංචාරණයේ මහජන සම්බන්ධතා අංශය විසින් මෙම සුවිශේෂී වැඩසටහන දියත් කර ඇති අතර නොර්වේ , ජර්මනිය  , ඇමෙරිකාව , ඔස්ට්‍රේලියාව , කැනඩාව , ඉන්දියාව , පිලිපීනය , අරාබි එමීර් රාජ්‍යය , බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක  මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙරටට පැමිණි ඇත .

ඔවුන් හරහා ලොව පුරා  මිලියන 5 කට අධික පිරිසකට ශ්‍රී ලංකාව පිලිබඳ  ප්‍රචාරණයක් සිදුකෙරෙන බවද ශ්‍රී ලංකා සංචරණය ප්‍රකාෂ කර සිටී .

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව මෙරට තුල සංචාරය කිරීමට ඇති ඉඩ පහසුකම් පිළිබඳව , මෙන්ම සංචාරකයින්ට මෙරට තුල නිදහසේ සතුටුවීම සඳහා ඇති අවස්ථා පිළිබඳවද ලොව පුරා සංචාරකයින් දැනුවත් කිරීම මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන අරමුණක්ව ඇත .

එසේම  මෙරට ඇති එතරම් ප්‍රචලිතව නොමැති සංචාරක ආකර්ෂණ හා ගමනාන්ත පිළිබඳව ලොව දැනුවත් කිරීම මෙන්ම සංචාරකයින්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවරයන් පිළිබඳවද ජාත්‍යන්තරය දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ඉලක්කයක් වී ඇත .

මෙම වැඩසටහනට අදාළ යු ටියුබ් නාලිකා  ප්‍රමුඛ සමාජ මාධ්‍ය තම වැඩසටහන් ඔක්තෝබර් මස මද භාගයේ සිට මෙම මස මුල් සතිය දක්වා ප්‍රචාරය කෙරෙන අතර මෙරට විවිධ සංචාරක ආකර්ෂණ හා අප්‍රකට ගමනාන්ත මේ හරහා ප්‍රවර්ධනය කෙරේ .

නොර්වේ රාජ්‍යයේ යූ ටියුබ් චැනල නිර්මාණකරුවෙකුවන මාර්ටින් සොල්හොගෙන් යොදාගනිමින් ජර්මනියේ සුප්‍රසිද්ධ DW රූපවාහිනී චැනලය ශ්‍රී ලංකාව සම්භන්ධයෙන් විශේෂ සංචාරක වීඩියෝ මාලාවක් මෙහිදී නිෂ්පාදනය කෙරෙන අතර එම  චැනලයේ නිල සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේද මේවා  ප්‍රචාරය කෙරේ .

මාර්ටින් සොල්හොගෙන් ගේ යූ ටියුබ් චැනලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩසටහන මෙතනින් 

YouTube player

 

එම DW නාලිකාව ජර්මන් රජය සතු ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර නාලිකාවක් වන අතර එය ලොව පුරා භාෂා 30 කින් විකාශන කටයුතු දියත් කරයි .

මෙහිදී මෙරට මාතලේ , නුවර කෑගල්ල , මහියංගනය , හැටන් ආදී ප්‍රදේශ ප්‍රවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර හෙළ වෙදකම් , පිළිබඳව මෙන්ම මෙරට වැදී  ජනතාව , පිලිබදවත් මෙහිදී වැඩසටහන් නිර්මාණය වේ. .

එසේම පරිසර සංචරණය , සුඛෝපභෝගී සංචරණය , ත්‍රාසජනක සංචරණය , ප්‍රජාමූලික සංචරණය , ආදී විවධ ක්ෂේත්‍ර ඔස්සේ මෙරට සංචරණය ප්‍රවර්ධනය ක්රීමටද මෙහිදී පියවර ගෙන ඇත .

 

ඉන්දියාවේ සුප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා ලෝක ප්‍රසිද්ධ National Geographic and Forbes- India මාධ්‍ය ආයතන එකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන  වැඩසටහන් හරහා මූලික වශයෙන්  කොළඹ නගරය මෙන්ම අනුරාධපුර , දඹුල්ල , නුවරඑළිය , මීගමුව ,සීගිරිය, නාමල් උයන , යාපනය , පේදුරු තුඩුව ආදී ප්‍රදේශ ප්‍රවර්ධනය කෙරේ .

මෙම වැඩසටහන යටතේ නිර්මාණය වූ සමාජ මාධ්‍ය විචිත්‍රාංග සහිත ඉන්දීය වෙබ් අඩවි හා සමාජ මාධ්‍යය කිහිපයක් පහත දැක්වේ

.krazybutterfly.com

polkajunction.com

 ෆෝබ්ස් ඉන්දියා හි  ශ්‍රී ලංකාව  පිළිබඳව පළවූ ලිපිය  

ශ්‍රී ලංකා සංචරණයට යටතේ ක්‍රියාත්මක ,  ‘ජාත්‍යන්තර මාධ්‍ය වෙත පහසුකම් සැපයීමේ කණ්ඩායම ‘ (Sri Lanaka Tourism’s International Media Facilitation Team,) මගින් මෙම කටයුතුවල සියලු සම්භාන්ධීකරන කටයුතු සිදුකරන අතර මේ හරහා පශ්චාත් කොවිඩ් සමයේ එළඹෙන නව සාමාන්‍යය තුලත්  ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට සියල්ල සූදානම්ය .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි