නවතම පුවත්

ඇමරිකාව සංචාරකයින්ට විවෘතයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මාස 20 ක් පුරා ක්‍රියාත්මක වූ ප්‍රවේශ තහනම අවසන් කරමින් අමෙරිකාව විදෙස් සංචාරකයින් සඳහා අද සිය රට විවෘත කළේය .

ඒ අනුව කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීමට අවසර හිමිවේ .

ඒ අනුව අමෙරිකාවට ඇතුළුවන විදේශිකයින් විසින් එරටට ඇතුළුවීමට පෙර කොරෝනා මර්දන එන්නත්කරණයට ලක්ව ඇති බවට වාර්තා ඉදිරිපත් කළ යුතුය.

ඊට අමතරව ගුවන් ගමනට පැය 72 කට පෙර කොවිඩ් 19 පරීක්ෂණයකට ඉදිරිපත් වී එහි වාර්තාව ද ඉදිරිපත් කළ යුතු වනවා. එලෙස රටට ඇතුළුවන පුද්ගලයින් නිරෝධායනයෙන් නිදහස් කර ඇති බවද වාර්තාවේ .

චීනය තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීම හමුවේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2020 වසරේදී සංචාරකයින්ට රට තුළට ඇතුළුවීම වළක්වාලමින් සංචාරක තහනමක් පනවනු ලැබීය

එහි ප්‍රථිපලයක් ලෙස බි්‍රතාන්‍ය, යුරෝපා සංගමයට අයත් රටවල්, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 30 ක පමණ අමෙරිකාවේ පුරවැසියන් නොවන පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීමට බාධා එල්ල වුණා. අමෙරිකාවේ සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල වුණේ එහි ප්‍රථිපලයක් ලෙසයි. කෙසේවෙතත් රට විවෘත කිරීම හමුවේ සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව අමෙරිකානු බලධාරීන් පැවසුවේය

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි