BREAKING NEWSවිශේෂාංගසේයාරූ

Share now!

කොරෝනා වසංගතයෙන් පසුව අනාගත ලෝකය මුහුණදෙන මීළඟ ව්‍යයසනය බොහෝ දුරට දේශගුණික විපර්යාස හේතුවෙන් හටගැනෙනු ඇති බවට දැනටමත් විද්‍යාඥයින් අනතුරු අඟවා අවසන්ය .

එම ව්‍යයසනය කොරෝනා වසංගතයටද වඩා බරපතල ආකාරයේ එකක් විය හැකි බවටද , අනාවැකි පළවේ. ඇතැම් විට එය අපගේ මේ ලෝකයේ අවසානය විය හැකි බවටද ඇතැම් පිරිස් අනුමාන කරයි .

කෙසේවෙතත් මෙම අනුමාන ගැන අනතුරු ඇඟවීම් ගැන අප කොයිතරම් සංවේදීද ?

අපගේම ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින සිදුවන මෙම දේශගුණික විපර්යාසයන් ගැන අප කෙතරම් දැනුවත්ද?

අවම වශයෙන් දේශගුණික විපර්යාස යනු කුමක්ද යන්න ගැන පවා අප දන්නේ මොනවාද ?

සරළව පැහැදිලි කරගතහොත් දේශ­ගු­ණික වෙන­ස්වීම් ‍යනුවෙන් අද­හස් කරන්නේ කිසි­යම් භූගෝ­ලීය ප්‍රදේ­ශ­යක දීර්ඝ කාල­යක් තිස්සේ පව­තින උෂ්ණ­ත්වය, වර්ෂා­ප­ත­නය, සුළං, වායු­ගෝ­ලීය තෙත­ම­නය, වායු පීඩ­නය වැනි කාල­ගු­ණික අංග­යන්ගේ සාමාන්‍ය තත්ත්වය වෙන­ස්වී­මට යි. පෘථිවි ඉතිහාසයේ සෑම කාලපරිච්ජේදයක් තුළ දීම දේශගුණික විපර්යාස සිදුවුණත් වර්තමානයේ දී අප දකින දේශගුණික විපර්යාස මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදුව ඇති විපර්යාස යි.

මේ වන විට අප අත්විඳින සීඝ්‍ර දේශගුණ විපර්යාසයන් ඇතිවී තිබෙන්නේ මිනිසා විසින් සිය නිවෙස්, කර්මාන්තශාලා, සහ ප්‍රවාහන කටයුතු සඳහා ඛණිජ තෙල්, වායු, සහ ගල් අඟුරු දහනය කිරීම නිසා ය.

මේ ෆොසිල ඉන්ධන දහනය වන විට හරිතාගාර වායූන් – බොහෝකොටම කාබන් ඩයොක්සයිඩ් (CO2) – නිකුත්වේ. මෙම වායූන් මඟින් පෘථිවියට ලැබෙන සූර්ය තාපය මෙහිම රඳවා ගන්නට කටයුතු කිරීමෙන් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යයි.

You say 'global warming', I say 'climate change' | Macmillan Dictionary Blog

ලෝක ධනකුවේරයන්ගෙන් 1%ක් විසින් පරිසරයට විමෝචනය කරනු ලබන කාබන් විෂවායු ප්‍රමාණය ලෝකයේ දුප්පත්ම ජනයාගෙන් 50%ක් පරිසරයට විමෝචනය කරන කාබන් ප්‍රමාණයට වඩා දෙගුණයකින් වැඩි බව එක්සත් ජාතීගේ සංවිධානය මෑතකදී නිකුත් කල වාර්තාවක දැක්විණ

ඒ අනුව මිහිතලය විනාශ කෙරෙන දේශගුණ විපර්යාස පාලනය කරගැනීම සඳහා ලෝකයේ ධනකුවේරයන්ගේ ජීවන රටාවේ මහා වෙනසක් කඩිනමින් සිදුකළ යුතුව ඇතැයිද එම වාර්තාව මගින් පෙන්වාදෙයි.

මේ ෆොසිල ඉන්ධන දහනය වන විට හරිතාගාර වායූන් – බොහෝකොටම කාබන් ඩයොක්සයිඩ් (CO2) – නිකුත්වේ. මෙම වායූන් මඟින් පෘථිවියට ලැබෙන සූර්ය තාපය මෙහිම රඳවා ගන්නට කටයුතු කිරීමෙන් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යයි.

වර්තමාන ලෝකය 19 වැනි සියවසේ දී තිබුණාට වඩා සෙල්සියස් අංශක 1.2කින් පමණ උණුසුම්ව ඇත . එසේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය එදාට සාපේක්ෂව 50%කින් ඉහළ ගොස් ඇත.

විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ දේශගුණික විපර්යාසවල නරකම ප්‍රතිවිපාක වළක්වා ගන්නට අවශ්‍ය නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන වේගය අඩුකළ යුතුබව යි. වර්ෂ 2100 වන තෙක් උණුසුම ඉහළ යන අගය සෙල්සියස් අංශක 1.5 ලෙස තබාගත යුතුයැ යි ඔවුන් පවසයි.

කෙසේ නමුත්, ඒ සඳහා වැඩිදුර පියවර නොගතහොත් මේ ශතවර්ෂය අවසන් වන විට පෘථිවියේ උෂ්ණත්වය එසේත් නැතිනම් ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 4 ඉක්මවීම ඉඩ ඇති ඇත.

ගෝලීය උෂ්ණත්වය ඉහළ ගියහොත් සිදුවිය හැක්කේ කුමක්ද? 

ලෝකය තවත් උණුසුම් වුවහොත් වගාබිම් කාන්තාරබවට පත්විය හැක. ඇතැම් ප්‍රදේශයන් මිනිස් වාසයට නුසුදුසු වීමට හැකි ය. ගොවිබිම් කාන්තාර බවට පත්වීය හැක . තවත් ප්‍රදේශයන්හි මහා වැසි හා ගංවතුර තත්වයන් මතුවිය හැක .

දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමට අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා වඩාත් දුක් විඳිනු ඇත්තේ අප වැනි දුප්පත් රටවල ජනතාව ය. සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ ගොවිබිම් දැනටත් අධික උෂ්ණත්වයකට මුහුණපාමින් සිටින අතර, ඉදිරියේදී මෙම තත්වයන් තවදුරටත් නරක අතට හැරෙනු ඇත . සාගර කලාපවල උෂ්ණත්වය ඉහල ගොස් ඒවායේ සිටින බොහෝ සාගර ජීවීන්ගේ වාසස්ථාන ද තර්ජනයට ලක්වී ඇත

දේශගුණික විපර්යාසයන් උණුසුම්, වියළි කාලගුණයක් ඇතිවීමේ අවදානම ඉහළ දමන බැවින් ලැව්ගිනි ඇතිවීම ද දැන් දැන් බහුල සිදුවීමකි.

සයිබීරියාව වැනි ප්‍රදේශවල මිදුණු පොළව දිය වී යද්දී, දේශගුණික විපර්යාස තවත් නරක අතට හරවමින් සියවස් ගණනාවක් තිස්සේ එහි සිරවී තිබූ හරිතාගාර වායූන් වායුගෝලයට මුදා හැරෙනු ඇත.

ලෝකය වඩාත් උණුසුම් වෙද්දී, සතුන්ට ද ජීවත්වීමට අවශ්‍ය කරන ආහාර හා ජලය සොයාගැනීම දුෂ්කර වනු ඇත. උදාහරණය ලෙස, ඔවුන්ගේ ජීවිතය ගෙනයෑමට අවශ්‍ය අයිස් දියවීමත් සමග හිම වලසුන් මියගොස් වඳවී යනු ඇති අතර, අලින්ට දිනකට අවශ්‍ය කරන ජලය ලීටර 150 – 300ත් අතර ප්‍රමාණය සොයාගැනීම සඳහා ඔවුන්ට මහත් සේ දුක් විඳීමට සිදුවනු ඇත.Greenhouse Effect | National Geographic Society

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නිසි පියවර නොගතහොත් මෙම සියවස අවසන් වන විට සත්ත්ව විශේෂ 550ක්වත් වඳවී යා හැකිබව යි.

දේශගුණික විපර්යාසය ලෝකයේ විවිධ ප්‍රදේශවලට ඇති කරන්නේ විවිධ බලපෑම් ය. සමහර ස්ථාන අනෙක් ප්‍රදේශවලට වඩා උණුසුම් වනු ඇත. සමහරක් ප්‍රදේශයන්ට වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇති අතර, තවත් සමහරක් ප්‍රදේශයන්ට නියඟවලට මුහුණදීමට සිදුවනු ඇත්තේ ය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් 1.5ට සීමාකර ගැනීමට නොහැකි වුවහොත් එක්සත් රාජධානිය සහ යුරෝපය අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවන ගංවතුරට ගොදුරු වනු ඇත. එසේම මැදපෙරදිග රටවල් හදිසියේ ඇතිවන දැඩි ග්‍රීෂ්මයන් අත්විඳිනු ඇති අතර, ගොවිබිම් කාන්තාර බවට හැරෙනු ඇත.

ශාන්තිකර කලාපයේ සහ ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයන් මුහුදු මට්ටම ඉහළ යැමත් සමග අතුරුදන් වී යාමට පුළුවන, බොහෝ අප්‍රිකානු රාජ්‍යයන් නියඟයෙන් සහ දුර්භික්ෂයෙන් පීඩා විඳිනු ඇත,එක්සත් ජනපදයේ බටහිරදිග ප්‍රදේශයන්හි නියං තත්ත්වයක් ඇතිවනු ඇති අතර, අනෙක් ප්‍රදේශයන් වඩ වඩාත් දරුණු කුණාටුවලට මුහුණපානු ඇත, ඕස්ට්‍රේලියාව අධික උණුසුම සහ නියඟයෙන් පීඩා විඳිනු ඇත.

(පැතුම් වික්‍රමරත්න )

([email protected])

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment