නවතම පුවත්

සංචාරක කර්මාන්තය ‘හිස ඔසවයි’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ)

අපේ රටේ සංචාරක කර්මාන්තය දැන් ටිකෙන් ටික හිස ඔසවන්නට පටන්ගෙන ඇත. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සදහන් කරනුයේ ඉකුත් සතියේ පමණක් සංචාරකයින් 9000 ක් මෙරටට පැමිණ ඇති බවය. ඒ කතාව ඇමතිවරයා කියන්නේ ආඩම්බරයෙනි. ඔහුට ආඩම්බරයක් ඇත්තේ බිංදුවට වැටී තිබුණු සංචාරක කර්මාන්තය අද වන විට මේ තත්ත්වටවත් ගොඩ නැගීමට හැකියාව ලැබෙන්නේ ඔහු ඇතුළු සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ගත් දැවැන්ත උත්සහයක ප්‍රිඵලයක් නිසාය.

අද අපි රටක් වශයෙන් ඩොලර් හිගයකට මුහුණ දෙමින් දැඩි ආර්ථික ඇද වැටීමකට ලක්ව ඇත්තේද මෙම විශේෂයෙන් සංචාරක කර්මාන්තය ඇද වැටීම නිසාය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වැටුණු මේ සංවාරක කර්මාන්තය හේතුවෙන් අපිට වාර්ෂිකව අහිමිවූ ඩොලර් ආදායම බිලියන 8 ඉක්මවන බව ආර්ථික විශ්ලේෂකයින් සදහන් කරති. අද අපි රටක් වශයෙන් ඩොලර් හිගයෙන් හැම අතින්ම පීඩාවට ලක්වන්නේ මේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන්නට තිබුණු ඩොලර් ප්‍රමාණය නොලැබීම නිසාය. ඒ අනුව ගත්තල සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට රටක් ලෙස අපි සෑම දෙනාගේම සහයෝගය ලබාදීම මේ මොහොතේ කළ යුතු කරුණකි.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තයන්ට අනුව මෙම වසරේ නොවැම්බර් 01 සිට 11 වෙනිදා දක්වා දින 11 ක් තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 14901 කි. ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ අපේක්ෂාව නම් දිනකට සංචාරකයින් 5000 කි. ඒ අපේක්ෂාව මේ යන හැටියට ලබන ජනවාරියේදී අත්පත්කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව විශ්වාස කල හැකිය.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තයන්ට අනුව මෙම වසරේ වැඩියෙන්ම සංචාරකයින් මෙටට පැමිණ ඇත්තේ ඔක්තෝම්බර් මාසයේදීය. ඒ ගණන 22771 දෙනෙකි. සැත්තැම්බරයේ පැමිණි පිරිස 13547 දෙනෙකි. ඊට පෙර තත්වය පැවතියේ උපරිම 5000 සීමාවේය. එවන් තත්ත්වයක් මත මේ අත්කරගෙන ඇත්තේ ජයග්‍රාහණයකි.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තයන්ට අනුව මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 60695 දෙනෙකි. මෙම වසර අවසන් වන විට එම ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා යනු ඇත. ලබන වසරේ එය දෙතුන් ගුණයකින් ඉහළ යමින් ඉලක්කගත සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇත.

සංචාරක පැමිණීම් පිළිබඳව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කල නවතම වාර්තාව මෙතැනින් 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?