Corona Live UpdateFeatured

Share now!

මෙරටින් හමුවූ කොරෝනා ඩෙල්ටා උප ප්‍රභේදය පාසැල් ළමුන් සහ තරුණ ප්‍රජාව අතර පැතිරීම සුලභව දැකිය හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටී ..

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වු සියලුදෙනා තමන්ට වැළඳෙන රෝගී තත්ත්වයන් නොසලකා හැරීමෙන් වළකින ලෙසද  රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කර සිටී

ශීත කාලගුණයක් පවතින මෙම කාලසීමාවේදී උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි අසනීප තත්ත්වයන් ඇතිවන්නේ නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට යොමුවීම සුදුසු බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර රජයේ පාසැල්වල 06 සිට 09 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙනවාග අසනීප තත්ත්වයෙන් පසුවන ළමුන් පාසැල් වෙත එවීමෙන් වළකින ලෙස  සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත