BREAKING NEWSවිශේෂාංගසේයාරූ

Share now!

ත්‍රිකුණාමලය කින්නියා හී වැසියන් කලපුවෙන් එගොඩ මෙගොඩ වීමට භාවිතා කරන්නේ පාලම් පාරුවකි. දිනකට සිය දහස් ගණනක් ජනතාව එම පාලම් පාරුවෙන් එගොඩ මෙගොඩ වෙති.

අද උදෑසන කින්නියා වැසියන් 20 දෙනෙක් දියේ ගිල්වමින් එම පාලම් පාරුව පෙරලී යන්නේ කින්නියා නගරය දෙසට පාසල් දරුවන් ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටියදීය. ඒ පාරුවට දරා ගැනීමට නොහැකි මගීන් පිරිසක් එහි රැදී සිටීම නිසාය.

සුදු ඇදුමින් සැරසුනු දරුවන් ද සමග දියේ ගිලුණු දරුවන් බේරා ගැනීමට නාවික හමුදාවත් පොලිස් විශේෂ කාර්ය බලකායත් ගම්වැසියනුත් දැඩි වෙහෙසක් ගත්තද ඒ වන විටත් දරුවන් ඇතුළු 06 දෙනෙක් සිටියේ දියේ ගිලී මරණයට පත්වය. තවත්14 දෙනෙකුගේ දිවි බේරාගෙන ඔවුන් රෝහල්ගත කිරීමටද පියවර ගත්තේය.

එහෙත් තවත් කිහිප දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි සැකකෙරේ. ඒ අය සොයා මේ වන විට නාවික හමුදාවේ කිමුදුන් කරුවන් මෙහෙයුමක් දියත්කර ඇත්තේ ඒ අයගේ ජීවිත අවසන් මිනිත්තුවේදී හෝ රැක ගැනීමේ අපේක්ෂාවෙනි.