BREAKING NEWSFeatured

Share now!

රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැටදහසක් පමණ වටිනා දේශීය හා විදේශිය මුදල් තොගයක් රටින් පිටකිරීමට සූදානම් වූ පුද්ගලයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටියක මුදලක් සහ ඇමරිකානු ඩොලර් 20,000 ක් සිය ගමන් මල්ලෙහි සූක්ෂමව සඟවාගෙන ඔහු එම මුද්ද රැගෙන යාමට සූදානම් වී අත්තේ ඩුබායි බලාය.

අද අලුයම 2.55 ට ඩුබායි බලා පියාසර කළ ඒ.කේ 649 ගුවන් යානාවේ ගමන් කිරීමට එම ගුවන් මගියා සූදානමින් සිට ඇත.

විසිහත් හැවරදි වියේ පසුවන ඔහු කොළඹ පදිංචිකරුවෙක් බව ගුවන්තොටුපොල රේගු අංශය සඳහන් කළේය.